ඉන්ධන අවශ්‍යතාවෙන් 20%ක් IOC පිරවුම්හල් හරහා බෙදයි

273

ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධන හල් 210ක් හරහා මෙරට පෙට්‍රල් හා ඩීසල් අවශ්‍යතාවෙන් සියයට විස්සක් පමණ ලබාදීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දියන් තෙල් සමාගමේ ලියාපදිංචි වී තිබෙන ඉන්ධන බවුසර් රථ 130ක් යොදා රටපුරා පිහිටි අයිඕසී ඉන්ධන හල් වෙත පෙට්‍රල් හා ඩීසල් බෙදා හැරීම ඊයේ (30 වැනිදා) සිට ආරම්භ කර ඇත.

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දීය තෙල් සමාගමේ ටැංකි සංකීර්ණය වෙත ගෙන එන පෙට්‍රල් හා ඩීසල් මෙලෙස රටපුරා බෙදා හැරීමට ඉන්දීය තෙල් සමාගම කටයුතු යොදා තිබේ.

ඒ අනුව ඊයේ (30 වැනිදා) පෙරවරුව වනවිට අයිඕසී සමාගමේ ලියාපදිංචි වී සිටින බවුසර් රථ අසූවක් පමණ ත්‍රිකුණාමලයට ගොස් ඉන්ධන ලැබෙන තෙක් පෝලිම් කර තිබිණි.

ඒ අනුව තෙල් ලීටර් 6600 බැගින් බවුසර් මගින් රටපුරා පිහිටි ඉන්ධන හල් වෙත ඉන්ධන ලබාදීමට නියමිතව ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment