ඉන්ධන ඉවරයි කැලණිතිස්ස නවතියි: විදුලිය කැපීම අනිවාර්යයි – ලංවිම ඉංජිනේරුවෝ කියති

592

ඉන්ධන සියල්ල අවසන් වීම නිසා ඊයේ (13 දා) පස්වරු 4.00 සිට කැලණිතිස්ස විදුලි බලාගාරයේ සියලූම විදුලි ජනන යන්ත‍්‍ර අක‍්‍රීය වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡුාවේදී කැලණිතිස්ස බලාගාරය කි‍්‍රයාත්මක කිරීම සඳහා දින කිහිපයකට ඉන්ධන ඇති බවට ඉංජිනේරුවන් සඳහන් කළද ඊයේ පස්වරුව වන විට ඉන්ධන අවසන් වී ඇත.

මේ නිසා කැලණිතිස්ස බලාගාරයෙන් ජාතික පද්ධතියට එක් කෙරුණු මෙගවොට් 200 ධාරිතාවක් අහිමිවීම හේතුවෙන් රට තුළ අනිවාර්යයෙන් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඇනහිටීමෙන් කොළඹ නගරයේ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි අතර එමගින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වීමේ අවදානමක්ද පවතී.

ලිහිසි තෙල් නොමැතිව ධාවනය කිරීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ තිබූ මෙගවොට් 20 ක කුඩා ජනන යන්ත‍්‍රයක්ද ඉකුත් අ`ගහරුවාදා සිට අක‍්‍රීය වී ඇති අතර එය හිතාමතා සිදු කෙරුණක් බවද සඳහන් වේ. රටපුරා විදුලිය බිඳ වැටුණු ඉකුත් දෙසැම්බර් 03 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර දෙකක් අකී‍්‍රය වූ අතර ඉන් එක් යන්ත‍්‍රයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත. අනෙක් යන්ත‍්‍රය යළි කි‍්‍රයාත්මක කිරීමට තවත් දින පහක පමණ කාලයක් යනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

රට තුළ අනිවාර්ය විදුලි කප්පාදුවක් ඇතිවීමට එම තත්ත්වයද ප‍්‍රබල ලෙස බලපා ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment