ඉන්ධන ගබඩාවට බලෙන් ඇතුළු වූ සේවකයන් ගැන සීඅයිඩී විමර්ශනයක් කරන්න

75
  • ඇමැති කංචන පොලිස්පතිට ලියයි

කොලොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහරින ප්‍රදේශයට ඉකුත් 28 වැනිදා බලහත්කාරයෙන් ඇතුල් වී සේවකයන් බියවද්දා කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් ඉන්ධන බෙදාහැරීමට බාධා කළ තෙල් සේවකයන් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා විර්ශනයක් සිදුකරන ලෙස ඇමැති කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

ඉන්ධන ගබඩා කරන හා බෙදාහරින කලාපවලට පිටස්තර සේවකයන් බලහත්කාරයෙන් ඇතුල්වීම වළක්වාලීමට අධිකරණ නියෝග ලබාගැනීමට මැදිහත් වන ලෙසද එමගින් ඉල්ලා ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment