ඉන්ධන ගබඩා කරගෙන  සිටි 675 ක් දැලේ

154

ෂෙඩ් ළඟ කලබල කරන අයත් වීඩියෝ කර අල්ලයි

නීති විරෝධී අයුරින් ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් 675 දෙනකු ගත වූ දින කීපයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (26 වැනිදා) පැවසීය.

මේ වන විට දිවයින පුරා ඉන්ධන වැටලීම් 670 ක් සිදුකර ඇතැයි ද හෙතෙම කීය.

එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර් 21,636 ක් ද, ඩීසල් ලීටර් 33,462 ක් ද, භූමිතෙල් ලීටර් 11,100 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්වල රාජකාරි සිදුකරන පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකරගෙන කලහකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයන්ව වීඩියෝකර ගන්නා ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කිරීමට එම දර්ශන භාවිත කරන බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment