ඉන්ධන ගහන්න එන අලුත් සමාගම් තුනට ෂෙඩ් 450 ක් දෙයි

873

ලෝකයේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට වෙළෙඳපොළ විවෘත කරමින් රට පුරා පිහිටි ඉන්ධනහල් 1197 න් 450 ක් ලබාදීම අවසන් අදියරට පැමිණ ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව අදාළ සමාගම් තුනට පිරිපහදු ඉන්ධන මෙරටට ගෙනැවිත් ගබඩාකර බෙදා හැරීමේ අවසරය ලබාදෙමින් ඉන්ධන හල් 150 බැගින් එම සමාගම්වලට ලබාදෙන බවද හෙතෙම කීය. මේ වනවිට දැනට මෙහෙයුම් සිදුවන ඉන්ධනහල් 450 වෙන් කිරීමේ කටයුතු සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය. ඉන්දියාවේ භාරත් පෙට්‍රෝලියම්, ෂෙල් සහ සෙනොපෙක් යන සමාගම් තුන බොහෝ දුරට මෙරට ආයෝජනයට පැමිණෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්වන සමාගම් සමඟ ගිවිසුම් ගතවීමට අදාළ කටයුතු අවසන් වූ සැණින් මෙය ක්‍රියාත්මක කර ඉන්ධන මිල තරගකාරී තැනකට පත් කිරීම සැලසුම බවද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment