ඉන්ධන ගැටලුවක්: මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එන්න බැහැ කියති

154

අද (21දා) ආරම්භ වන පාර්ලිමේන්තු සභා සැසිවාරය සඳහා තමන්ට සහභාගිවීමට නොහැකි බව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඊයේ (20 දා) දහවල් වනවිට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව දන්වා ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන්ගේ රියැදුරන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වලට යෑමට බියක් දක්වන බව ද වාර්තා වේ.

කෝපයට පත් පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් රියැදුරෝ මන්ත්‍රීවරුන්ගේ වාහන ඉන්ධන පිරවුම් හල්වෙත ගෙනයෑමට මැලිකමක් දක්වති.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment