ඉන්ධන ගෙන්වීමේ සැක ගනුදෙනු ගැන විමර්ශනයක් කරන්න : පාඨලී ජනාධිපතිට ලියයි

117

මෙරටට ඉන්ධන ගෙන්වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදුවන සැක කටයුතු ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ‘43’ සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (25 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වෘත්තීය නිපුණතාවයක් සහිත පුද්ගලයන්ගේ සහාය ලබා දී විගණකාධිපති හෝ වෙනත් පාර්ශ්වයක් මගින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් එය පොලිස් දෙපාර්තමේන්තුවට සිදු කළ නොහැකි තාක්ෂණික විමර්ශනයක් බවත් එකී ලිපියෙන් දන්වා තිබේ.

ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ලබා දීමේ දී බ්‍රෙන්ට් දර්ශකය මත පදනම් වීම නිසා විශාල ඩොලර් ප්‍රමාණයක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වන බවත් එකී ලිපියෙහි දැක්වේ.

එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන ලීටරයක් සඳහා පාරිභෝගිකයාට රුපියල් හතළිස් හයත් රුපියල් හැට නවයත් අතර වැඩිපුර මිලක් ගෙවීමට සිදුව ඇති බවත් එහි සඳහන් ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යොමුකළ ලිපිය සවිස්තරාත්මක ව දත්ත සහිතව ඉදිරිපත් කර තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment