ඉන්ධන ණය ගෙවන්න ඩොලර් බිලියන දෙකහමාරක ණයක්

176

දැනට ගොඩගැසී ඇති ඉන්ධන ණය පියවීම සඳහා ඩොලර් බිලියන 2.5 ක මුදලක් පිටරටින් ණයට ගැනීමට රජය තීරණය කර ඇත. විදේශීය රක්ෂණ සමාගම් සහ විදේශීය විශ‍්‍රාම වැටුප් අරමුදල්වලින් මේ මුදල ලබා  ගැනීමට නියමිතය.

 ඉන්ධන ණය පියවීම සඳහා විශාල ණය මුදල් රජයට ලබා දීමට පෞද්ගලික අංශය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පත‍්‍ර කිහිපයක් සලකා බැලීමෙන් පසු විදේශීය රක්ෂණ සමාගම් සහ විදේශීය විශ‍්‍රාම වැටුප් අරමුදල් වලින් එම ණය මුදල් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

 කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවක් මගින් පෞද්ගලික අංශයේ ණය යෝජනා පත‍්‍ර සලකා බලන ලදී. මෙම ණය මුදල ඇමරිකාවේ සහ යුරෝපයේ රක්ෂණ සහ විශ‍්‍රාම වැටුප් අරමුදල් වෙතින් ලබා ගැනීමට තීරණය වී තිබේ. මෙම ණය මුදල් ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ නිර්දේශය ලබා ගැනීමට නියමිතය. ඉන්ධන ණය ගෙවීම සඳහා රජය දැනට ණය ලබා ගන්නා මූල්‍ය ආයතනවල පොලිය සහ ආපසු ගෙවීමේ කාලය සසඳා බැලීමේදී විදේශීය රක්ෂණ සමාගම් සහ විශ‍්‍රාම වැටුප් අරමුදල් වෙතින් ණය ලබාගැනීම වාසිදායක බව පෙනී ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment