ඉන්ධන දීම සීමා කරයි

239

යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය සිකුරාදා (15දා) තීරණය කළේය. ඒ අනුව යතුරුපැදියකට රුපියල් 1000ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක්, මෝටර් රථ, වෑන් රථ, ජීප් රථ සඳහා රුපියල් 5000ක් ලෙස ඉන්ධන ලබාදීම මේ අනුව සීමා කෙරේ.

බස් රථ, ලොරි රථ, වානිජ කටයුතු සඳහා යොදා

ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහන සඳහා මෙම සීමාව අයත් නොවේ.

මේ අතර මේ වන විට බූලිවලට ඉන්ධන නිකුත් කිරීම, කර්මාන්තශාලා, කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් සිදුකරන අතර එය තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment