ඉන්ධන දුන්නත් ගල්අගුරු නෑ – නොරොච්චොලේ වැටුණොත් විදුලිය අඩමානයි – ලංවිම ඉංජිනේරුවෝ කියති

233

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දුන්නත් මෙරට ප‍්‍රධානම විදුලි බලාගාරය වන නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයේ ගල්අ`ගුරු සංචිත ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් හය ලක්ෂය දක්වා අඩුවී තිබීම නිසා ඉදිරි මාස 11හිම විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ හෙළිකර සිටිති.

ඉකුත් වසර අග භාගයේදි ක්ෂණික මිලදී ගැනීම් යටතේ ගල්අ`ගුරු මිලදී ගැනීමට කැ`දවා තිබූ ටෙන්ඩර් අවලංගු වී යෑම නිසා ගල්අ`ගුරු නෞකා 6ක් මෙරටට නොපැමිණි බව ද, ඒ අනුව එම බලාගාරයට අවශ්‍ය ගල්අ`ගුරු මෙටි‍්‍රක් ටොන් ලක්ෂ හයක් ලැබී නැතැයිද ලංවිම සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා ‘දිවයින’ට පැවසීය.

දැනට මෙරට ක‍්‍රියාත්මක ඞීසල් බලාගාර, නැප්තා හා දැවිතෙල් මගින් ක‍්‍රියාත්මක විදුලි බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන කෙලෙස හෝ ලබා දුන්නත් එළඹෙන මාස කිහිපයේදී පවතින විදුලි අර්බුදය උග‍්‍ර අතට පත්වීම නවත්වාලීම දැඩි අභියෝගයක් බවට පත්වනු ඇතැයිද ඉංජිනේරුවෝ කියා සිටිති.

මේ වනවිට නොරොච්චෝලේ විදුලි උත්පාදන යන්ත‍්‍ර දෙකක් මගින් මෙගොවොට් 600ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක්කර තිබියදීත් රටපුරා විදුලිය බි`දවැටීම් සිදුවන්නේ නම් නොරොච්චෝල බලාගාරය සම්පූර්ණයෙන්ම නතර වුවහොත් ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි ද ඔවුහු කියා සිටිති.

ඩොලර් හි`ගය හා ඉකුත් වසරේදී ගල් අඟුරු මිල විශාල ලෙස ඉහළ යෑම මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉතා පහළ මට්ටමට පත්වීම නිසා ගල්අ`ගුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැ`දවුවත් ඒවා අවලංගු කර දැමීමට විදෙස් සැපයුම්කාර සමාගම් පියවර ගෙන ඇත. මේ මොහොතේ ක්ෂණික මිලදී ගැනීම් යටතේ බලාගාරයට අවශ්‍ය ගල්අ`ගුරු මිලදී ගැනීමට ක‍්‍රියා කළත් ලබන අපේ‍්‍රල් සිට ඔක්තෝබර් දක්වා වාරකන් කාලය ක‍්‍රියාත්මක වන බැවින් එලෙස මිලදී ගෙන එන ගල්අ`ගුරු ගොඩබෑමට නොහැකි වන බවද ඉංජිනේරුවෝ පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment