ඉන්ධන දෙන්න රුසියානු නියෝජිතයෝ දිවයිනට

463


ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
මොවුන් දෙදෙනා බහරේන් සිට ගල්ෆ් එයා ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment