ඉන්ධන දෙන්න සීමා පනවයි: ලියාපදිංචිය අනිවාර්යයි

268

QR ක්‍රමය අගෝස්තු 1 සිට අනිවාර්යයි
සතියකට බස් රථයකට ඩීසල් ලීටර් 40 cක්
ත්‍රිරෝද රථයකට ලීටර් 05 ක්
වෑන් රථයකට ලීටර් 20 ක්
මෝටර් රථයකට ලීටර් 20 ක්
මෝටර් සයිකලයකට ලීටර් 04 ක්

අගෝස්තු 01 වැනිදා සිට ඉන්ධන ලබාදීමේදී සෑම ත්‍රිරෝද රථයක්ම නිශ්චිත ඉන්ධන පිරවුම් හලකත්, ළඟම පොලිසියේත්, බස් රථ ඩිපෝවල හෝ ඉන්ධන පිරවුම් හල්වලත් ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය (QR කේතය) ඊයේ (26 දා) සිපෙට්කෝ සහ අයි ඕ සී පිරවුම්හල් කිහිපයක ක්‍රියාත්මක කළ බවත් අගෝස්තු 01 වැනිදා සිට දිවයින පුරා ඉන්ධන හල්වල මෙම ූඍ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිවුඩයක් නිකුත්කරමින් කියා සිටී.

තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති ස්ථානවල අංක තහඩුවේ ඉලක්කමට ඉන්ධන ලබාදීම සිදු කරනු ඇත. දැනට ඉන්ධන හල්වලින් සියයට 60 ක පමණ ූඍ ක්‍රමයට ඉන්ධන නිකුත් කරන අතර ඉන්ධන බෙදාදීමේදී එම ස්ථානවලට ප්‍රමුඛතාව දෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

වහාම ූඍ ක්‍රමය අනුගමනය කරන ලෙස සිපෙට්කෝ සහ අයි ඕ සී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඇමැතිවරයා ඉල්ලා සිටින අතර ජාතික ඉන්ධන බලපත්‍රය (QR ක්‍රමයට) ලියාපදිංචි වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සතිය අවසන් වනවිට තම ව්‍යාපාර ලියාපදිංචිය සමග බහු වාහන ලියාපදිංචිය සඳහා රජයේ ආයතනවලට විකල්ප හඳුන්වා දීමට නියමිතය. විදුලි ජනක යන්ත්‍ර, ගෙවතු වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබාදීමට නියමිතය. ඔවුන් සඳහා ද නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් ලබාදීමට කටයුතු කෙරේ.

පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට අවසර ලබාදෙන අතර සෑම ත්‍රිරෝද රථයක්ම අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත යුතුය.

එමෙන්ම ඩිපෝවලට හෝ ඉන්ධන පිරවුම්හල්වල බස් රථ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයට අවසර ලබාදෙනු ඇත.
ූඍ ක්‍රමයට ඩීසල් නිකුත් කිරීමේදී සතියකට බස් රථයකට ලීටර් 40 ක්, ත්‍රීරෝද රථයකට ලීටර් 05 ක්, වෑන් රථයකට ලීටර් 20 ක්, මෝටර් රථයකට ලීටර් 20 ක්, වතු වාහන (ටැක්ටර්, අත්ට්‍රැක්ටර් වැනි) ලීටර් 15 ක්, ලොරියකට ලීටර් 50 ක් නිකුත්කරන බව ද ඇමැතිවරයා පවසයි.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment