ඉන්ධන නැතැයි පාසල් නොයන ඇතැම් ‘ගුරුහොරු’ ජයරාමෙට ටියුෂන් කරනවාලු…!

373

ඉන්ධන නොමැතිබව පවසමින් ඇතැම් ගුරුවරුන් පාසල් නොපැමිණියත් පුද්ගලික උපකාරක පංති සඳහා සහාභාගි වෙන බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවාසීහු පවසති.

පාසැල් ගුරුවරුන්ගේ මෙම ක්‍රියාකාලාපය හේතුවෙන් මෙවර අපොස (සා. පෙළ) විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින සිසු සිසුවියන් අපහසුතාවන්ට පත්ව සිටින බවද ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවාසීහු පවසති.

ගුරුවරුන්ට පාසැල් පැමිණීම සඳහා ඉන්ධන නොමැතිවීම නිසා එම පාසල් සතියක කාලයක් වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබිණි. නමුත් ගුරුවරුන් සුපුරුදු පරිදි පුද්ගලික උපකාරක පංතිවලට සහභාගිවීම දිගින් දිගටම සිදුකරගෙන කෙසේදැයි ප්‍රදේශවාසී දෙමාපියෝ ප්‍රශ්න කර සිටිති.

ගලෙන්බිදුණුවැව – ජයන්ත වාසුල

advertistmentadvertistment
advertistmentadvertistment