ඉන්ධන නැතිවීමෙන්  පැල්වත්ත සීනි  කර්මාන්ත ශාලාව වසාදාලා

362

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාව ඉන්ධන නොමැතිවීම නිසා තාවකාලිකව වසාදැමීමට පාලනාධිකාරිය තීරණයකර ඇත.

මෙම තත්වය මත උක්ගස් රැගෙන නොඑන ලෙස ගොවීන්ට උපදෙස්දී ඇති අතර මේ වනවිට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.

කර්මාන්තශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රීයවී ඇති අතර කර්මාන්ත ශාලාවට විදුලිය ලබාදී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි.

දිනකට කර්මාන්තශාලාවට සහ අනෙකුත් වාහනවලට ඩීසල් ලීටර් හාරදහසක් පමණ අවශ්‍ය වේ. නමුත් මේ වනවිට ඩීසල් නොලැබෙන නිසා තාවකාලිකව කර්මාන්ත ශාලාව වසාදමා ඇත. අත්‍යවශ්‍ය සේවකයන් පමණක් කැඳවීමට පාලනාධිකාරිය විසින් තීරණයකර ඇත.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment