ඉන්ධන නැතිව ට්‍රෝලර් මුහුදු නොයයි

182


ඉන්ධන අර්බුදය නිසා මසුන් ඇල්ලීමට මුහුදු යාමට නොහැකිව බහුදින යාත්‍රා 3000ක් පමණ මාස ගණනාවක සිට ලංකාව වටා ඇති ධීවර වරායන්හි ගාල්කොට ඇතැයි සමස්ත ලංකා බහුදින ධීවරයාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා පවසයි.
අඩි 50 සහ 60 බහුදින යාත්‍රාවකට එක් මුහුදු ගමනක් සදහා ඩිසල් ලිටර් 11000ක් 12000ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඉන්ධන සදහා පමණක් ලක්ෂ 44ක 50ක පමණ මුදලක් වැය වන බවද සඳහන් කරයි. ඉන්ධන මිල වැඩිවිමට පෙර එක් මුහුදු ගමනක් සදහා වැයවුයේ රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් බවත් හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment