ඉන්ධන පිරවුම් හල් වෙත අද සිට හමුදා ආරක්ෂාව ඉල්ලයි

343

ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක් සහිත ඉන්ධන නැවෙන් ගොඩබෑ ඩීසල් අද සිට ඉන්ධන පිරවුම්හල් වලට ලැබීමෙන් පසු ඒවා පාරිභෝගික ජනතාවට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි .කෙසේ නමුත් මෙම ඉන්ධන බස්නාහිර පළාතේ ඇති ඉන්ධන පිරවුම් හල් 320 වෙත නොලැබෙන බව ද සඳහන් කරයි. ඛනිජ තෙල් සංස්ථාව පවසා ඇත්තේ ඉන්ධන බවුසර් 180ක් පමණක් බස්නාහිර පළාත තුළ බෙදා හරින යන බව යැයි පවසන රාජපක්ෂ මහතා ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමේදී දැඩි උණුසුම් කාරී තත්වයක් මතුවිය හැකි බව ද පවසයි.එබැවින් එය වලක්වා ගැනීමට යුද හමුදා සහාය අවශ්‍ය වන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment