ඉන්ධන පොම්පකරුවෝ ෆුල්ටෑන්ක් මගින් ගසාගෙනම කති!

2448

වාහනයේ ටැංකිය පිරෙන්නට පෙට්‍රල් හෝ ඩීසල් ලබාගැනීමට අවශ්‍ය නම් මහනුවර ඇතැම් ඉන්ධන හල්වල පොම්ප ක්‍රියාකරුවකුට රුපියල් දෙදහසක් හෝ ඊට වැඩි උපකාරයක් කළ යුතුව තිබෙන බව අනාවරණය වෙයි.

වාහනයේ ප්‍රමාණය අනුව උපකාරය වැඩි අඩු වන බව රථ වාහන හිමියෝ පවසති.

බස් රථයක්, ලොරියක් හෝ ටිපර් රථයක් වැනි බර වාහනයක් සඳහා ටැංකිය පුරවා ගැනීම සඳහා රුපියල් 2000 සිට ඉහළට ද සාමන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක් සඳහා රුපියල් 1000 සිට ද ත්‍රිරෝද සහ යතුරුපැදි සඳහා රුපියල් 500 සිට ඉහළට ද සන්තෝෂම් ලබාගැනීමට ඉන්ධන පොම්පකරුවන් පුරුදුවී ඇතැයි මෝටර් රථ හිමියෝ පවසති.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment