ඉන්ධන පෝලිම්වල රතුකට්ට පනී

832

පැය ගණන් පෝලිමේ හිටියා…. අන්තිමේ තෙල් ඉවරයි කීවා – ජනතාව

හැටන්වල පස්ස දොරෙන් ඉන්ධන පිට කරන බවට මහජන චෝදනාවක්

ඞීසල්, පෙට‍්‍රල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගික ජනතාව පැය ගණන් දිගු පෝලිම්වල හිඳිමින් දැඩි ලෙස පීඩා විඳිද්දී ඔවුන්ගේ දැඩි කෝපය පෙරේදා (16 දා) රාත‍්‍රි සහ ඊයේ (17දා) දහවල් පුපුරා ගියේ කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක හා හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ගැටුම් හට ගැනීමත් සමඟය.

ඉන්ධන පෝලිම්වල රතුකට්ට පනී
භූමිතෙලූත් නැතෝ… කොළඹ කොටහේන – ඡායාරූපය -නිශාන් එස් ප‍්‍රියන්ත

කැස්බෑව, බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හල අසල ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සියලූදෙනා කැස්බෑව මාකන්දන පදිංචි අවුරුදු 50, 53 හා 58 යන වයස්වල පසුවන්නන් බව ද ගැටුමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරන බව ද පොලිසිය කියයි.

ඉන්ධන පෝලිම්වල රතුකට්ට පනී

අදාළ ඉන්ධන පිරවුම්හලට මෝටර් රථවලින් සහ යතුරුපැදිවලින් විශාල පිරිසක් ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි අතර, තවත් පිරිසක් බූලිවලට භූමිතෙල්, පෙට‍්‍රල් රැුගෙන යෑමට පැමිණ සිටියහ. ඉන්ධන හා භූමිතෙල් ලබා ගැනීමේ පෝලිම ඉතා දිගු වී තිබිණි.

එලෙස ඉන්ධන ලබා දෙන අතරතුර ඉන්ධනහලේ හිමිකරු එක්වරම ‘‘තෙල් නැහැ… තෙල් නැහැ… තෙල් නැහැ’’ යැයි පාරිභෝගික ජනතාවට පවසා තිබේ.

ඉන්ධනහලේ හිමිකරු එසේ පවසන්නට වීීමත් සමඟ පාරිභෝගිකයකු හා ඉන්ධනහලේ හිමිකරු අතර බහින්බස්වීමක් හටගෙන තිබේ. පසුව එම බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එම ගැටුමට ඉන්ධනහලේ සේවකයන් ද මැදිහත් වීමත් සමඟ සිද්ධිය තවත් උණුසුම් වී ඇත. පසුව එම ඉන්ධනහලට පැමිණ සිටි කාන්තාවක් ද ගැටුමට මැදිහත් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඉන්ධන පෝලිම්වල රතුකට්ට පනී

මෙම සිද්ධිය දුටු ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කර ඇත.

ගැටුම නිමවීමත් සමඟ ඉන්ධන ලබාදෙමින් තිබූ ඞීසල් පොම්පය අසල විදුලිය විසන්ධි වී ප‍්‍රදේශයම අන්ධකාර වී තිබේ. එම ස්ථානයට කැස්බෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ඇති අතර එහි පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෙසු ඉන්ධන ලබා නොදෙන ලෙසට ඉන්ධනහලට දැනුම් දී ඇත.

ඒ සමඟම දිගු පෝලිම්වල පැය ගණන් රැුඳී සිටි මෝටර් රථ රියැදුරන්, ත‍්‍රිරෝද රථ රියැදුරන් මෙන්ම ප්ලාස්ටික් කෑන්, බූලි රැගෙන පැමිණි පිරිසත් දැඩි අපහසුතාවට පත්ව හූ හඬ තබමින් එම ස්ථානයෙන් පිටව ගියහ.

ඉන්ධන පෝලිම්වල රතුකට්ට පනී

මෙහිදී ඉන්ධනහලේ හිමිකරුට පහර දුන් බවට සැකපිට පාරිභෝගිකයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියලූදෙනා ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි අය වෙති.

මේ පිළිබඳව කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මාලින්ද අබේරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මේ අතර හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක සේවකයන් සහ බූලිවලට ඞීසල් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් පිරිසක් අතර ඊයේ (17 දා) දහවල් බහින්බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා වර්ධනය වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි වාහන කීපයකට ඉන්ධන ලබා දී ඇති අතර කැබ් රථයකින් රැුගෙන ආ බැරල් 5කට ඞීසල් ලීටර් 1200ක් එම ඉන්ධනහලේ සේවකයන් විසින් ලබාදීමෙන් පසු ඉන්ධන අවසන් බව ඔවුන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට පවසා තිබේ.

එසේ පැවසීමත් සමඟ බූලිවලට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැුඳී සිටි පිරිස හා ඉන්ධන පිරවුම්හලේ සේවකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ. පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

එම උණුසුම් තත්ත්වය හමුවේ බැරල්වලට ඉන්ධන ලබාගත් රියදුරු කැබ් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගෙන පිටව ගොස් තිබේ.

මෙහිදී ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ විශාල පිරිසක් රජයට හා ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට දොස් නඟමින් සාප කරමින් පිටව යන අයුරු දැක ගත හැකි විය.

හැටන් ප‍්‍රදේශයේ ඇතැම් පිරිස් ඉන්ධන පිරවුම්හල් සේවකයන් සමඟ හිතවත්කම් පවත්වාගෙන යන බවත්, එම හිතවත්කම් මත බැරල්වලට ඉන්ධන ලබා ගෙන ගොස් ඉතා අධික මිල ගණන්වලට අලෙවි කරන බවත් එහිදී අපහසුතාවට පත් ජනතාව කියා සිටිති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් – ජයසිංහ – කැස්බෑව සහ නාලක රත්නායක – නුවරඑළිය

advertistmentadvertistment
advertistmentadvertistment