ඉන්ධන පෝලිමේ ඉන්නවනම් වතුර ලීටර් 2 ක්වත් බොන්න – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

156

ඉන්ධන පෝලිම්වල පැය ගණන් රැඳී සිටින ජනතාව අනිවාර්යයෙන්ම ජලය ලීටර් 2ක් වත් පානය කිරීම ඉතා වැදගත් බව බොරැල්ල වෛi පර්යේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 වැනිදා) පැවසුවාය. එසේම ඔහු හෝ ඇය අධිරුධිර පීඩනය, හෘද රෝග ඇතුළු තවත් රෝගාබාධවලින් පෙලෙන්නේ නම් ඊට අදාළ ඖෂධ ද රැගෙන ඒම ඉතා වැදගත් බවද ඇය සඳහන් කළාය. වාහනය තුළට වී පැය ගණන් රැඳී නොසිටින ලෙසත්, හැකි තරම් එළියට වී රැඳී සිටින ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment