ඉන්ධන පෝලිමේ මරණ ගණන 22 ට නගී

153

කින්නියා නගර මධ්‍යයේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් තම යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ (22 දා) පෝලීමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේම ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි කින්නියා පොලිසිය පවසයි.

මේ අතර මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගැනීමේදී එහි සිටි පිරිස් අතර ඇතිවූ තෙරපීමකින් 70 හැවිරිදි පුද්ගලයකු මරුමුවට පත් වී තිබේ.

මතුගම, වලල්ලාවිට පදිංචිව සිටි අයකු මියගොස් ඇත.

මේ අනුව පෝලීම්වල හිඳ මියගිය මුළු ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.

කින්නියා නගරයේදී මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කින්නියා මුනෙයිචේනෙයි පදිංචිව සිටි මොහොමඩ් රම්ලාන් නමැති 59 හැවිරිදි අයෙකි.

මියගිය පුද්ගලයා ඊයේ පෙරවරු 11.30 සිට පැය දෙකක කාලයක් ඉන්ධන පෝලීමේ සිටියදී හදිසියේම අසනීප වී තිබේ. පසුව එම ස්ථානයේ සිටි පිරිසක් ඔහුව කින්නියා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. මියගිය අය හෘද රෝගයෙන් පෙළෙන අයකු බව හෙළිවිනැයිද පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment