ඉන්ධන බලපත් ක්‍රමයෙන් තෙල් බෙදීම ‘අංජබජල්’ වෙයි

294

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය නමින් නව ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමයක් රජය මගින් හඳුන්වාදීම මගින් පැවති අක්‍රමවත් ඉන්ධන බෙදාහැරීම තවදුරටත් ව්‍යාකූල වී ඇති බව වාර්තා වේ.

මේ මගින් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ලැබෙන කිව් ආර් කේතය ඇතැම් වාහන සඳහා නොලැබීම ඊට හේතුවයි.

මෙම ක්‍රමයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාහනයේ ලියාපදිංචි සහතිකයේ (පොත) පරිදි වාහනයේ චැසි අංකය ඇතුළු වාහනයේ ලියාපදිංචි තොරතුරු අදාළ යොමුව වෙත ගොනු කළත්, මෙම දත්ත යොමුව මගින් ‘නොගැළපේ’ නමින් පණිවිඩයක් ලැබෙන බවත්, ඒ අනුව කිව් ආර් කේතයක් නොලැබෙන බවටත් වාහන හිමියෝ පවසති.

ඉන්ධන නොමැතිව සති ගණන් පාරවල් දිගේ වාහන පෝලිම්කර ඇති ජනතාවට ඉන්ධන වෙනුවට මෙවන් ප්‍රශ්න ඇතිකිරීම පිළිබඳව ජනතාව රජයට අප්‍රසාදය පළ කරති.

මේ හේතුව නිසා තම වාහනවලට ඉන්ධන නොලැබීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මේ මොහොතේ අත්හදා බැලීම් සිදුනොකර ඒවා පසුවට කල්තබන ලෙසද වාහන හිමියෝ කියා සිටිති.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment