ඉන්ධන බෙදා හැරීමට බාධා කළොත් නීති පියවර!

155

ඇමැති කංචන තෙල් වෘත්තීය සමිතිවලට අනතුරු අඟවයි

ඉන්ධන බෙදා හැරීම මෙන්ම බලශක්ති ක්‍ෂෙත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සේවකයන්ට හා වෘත්තීය සමිතිවලට එරෙහිව විනය හා නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අනතුරු අඟවයි.

තෙල් සංස්ථාව සුරැකීම සඳහා වෘත්තීය සමිති පෙළ ගැසීමත් සමග මෙම අනතුරු ඇඟවීම කර ඇත. ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්‍ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස පසුගිය මාස හයක කාලයේ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර තිබියදී ආයතනයේ කටයුතුවලට බාධා කිරීමට නොහැකි බවද දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමැති කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත. තෙල් සංස්ථාව සුරැකීම සඳහා වෘත්තීය සමිති පෙළ ගැසී සිටින අතර එම තත්ත්වය හමුවේ ඇමැතිවරයා මෙම අනතුරු ඇඟවීම කර තිබේ. මීට අමතරව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියලුම අංශ වෝහාරික විගණයකට ලක් කරන ලෙස ද ඇමැතිවරයා සංස්ථා ප්‍රධානීන්ට දැනුම් දී ඇත. කාර්යක්‍ෂම කඩිනම් සේවාවක් ලබාදීමට හා ආයතනයේ කටයුතු විනිවිදව පවත්වාගෙන යෑමට මෙම විගණන කරන බවද ඇමැතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment