ඉන්ධන මිල ඉහළ දමයි

405

අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක මිල ඉහළ දමා ඇත.ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ද ඔක්ටේන් 95 රුපියල් 23 කින් ද ඔටෝ ඩීසල් රුපියල් 10 කින් ද සුපර් ඩීසල් රුපියල් 15 කින් ද භූමිතෙල් මිල රුපියල් 10 කින් ද ඉහළ දමා තිබේ.මෙම මිල ගණන් ඉහළ යාමත් සමග ඉන්ධන ලීටරයක නව මිල ගණන් මෙසේය . ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 177කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 207කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 121කි.සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 159කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 87 කි.

advertistmentadvertistment
advertistmentadvertistment