ඉන්ධන මිල පහළට!

1403

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යෑම සැලකිල්ලට ගෙන අද (01දා) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉන්ධන මිලේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිල අඩුවීමේ ප්‍රමාණය රුපියල් 50 ත් 100 ත් අතර මුදලකින් සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිල අඩුවුවහොත් එය 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඉන්ධන මිල සම්බන්ධව බලශක්ති අමාත්‍යාංශයේ කමිටුව, ඉන්දියන් ඔයිල් සමාගමද සමඟ සාකච්ඡා කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment