ඉන්ධන මිල පහළ යන ආරංචියට ඇතැම් ෂෙඩ් කලින්ම වහලා – සමහරක් වැඩ

74

ඉන්ධන මිල පහළ යන බව පසුගිය 31දා ආරංචිවීමත් සමග පාරිභෝගික ජනතාව තම වාහනවලට අඩුවෙන් ඉන්ධන ලබාගත් අතර ලංකාවේ බොහෝ ඉන්ධන පිරවුම් හල් 31 සවස වන විට ඉන්ධන නොමැතිව වසා දමා තිබූ අයුරු දැකගත හැකි විය.

නමුත් ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල තඩාග හිස්වනතුරුම ඉන්ධන ලබාදීමට කටයුතු කර තම සේවාව නිසි පරිදි ජනතාවට ලබාදී තිබිණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මාතර ගබඩාවීදියේ ආර්. එල්. එස්. පී. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සේවකයන් 31 වන දින දවස පුරා රාත්‍රිය වන තෙක් 95 පෙට්‍රල් ඇතුළු ඩීසල් තම පාරිභෝගික ජනතාවට ලබාදුන් අයුරුය.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment