ඉන්ධන මිල වැඩිවීමේ කිසිම විනිවිදභාවයක් නෑ – ඉරාන් වික‍්‍රමරත්න

137

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති මොහොතක මෙරට ඉන්ධන මිල වැඩිවීමේ කිසිදු විනිවිදභාවයක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා ‘දිවයින’ ට කීය.

2020 වසරේ සිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වී ඇති අතර වත්මන් ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අනවබෝධයෙන් යුතුව කි‍්‍රයාත්මක වීම තුළ මෙම මිල වැඩිකිරීම සිදුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය. යහපාලන ආණ්ඩුව යටතේ කි‍්‍රයාත්මක වූ මිල සූත‍්‍රය තිබුණේ නම් ඉන්ධන මිල අඩු වීමක් සිදුවන බව කී මන්තී‍්‍රවරයා, මේ හේතුවෙන් උද්ධමනය ශීඝ‍්‍රයෙන් වැඩිවනු ඇතැයිද කියා සිටියේය. කිසිදු ගැටලූවක් කළමනාකරණය කර ගැනීමට නොහැකි ආණ්ඩුවට එරෙහිව ජනතාව ඉබේම පෙළ ගැසෙනු ඇතැයිද කී ඒ මහතා මෙම සමාජ ප‍්‍රශ්න සම්බන්ධයෙන් ගත යුතු විසඳුම් පිළිබඳ සමගි ජන බලවේගය ප‍්‍රතිපත්ති සකසන බවද කීය.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ (21දා* පක්ෂය සාකච්ඡා කළ බවද ඉරාන් වික‍්‍රමරත්න මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment