ඉන්ධන මිල වැඩිවී ඉහළ වෘත්තිකයෝත් පාපැදියට නගිති

254

අධික ලෙස ඉන්ධන මිල ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව මෙන් ඉහළ වෘත්තිකයන්ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණීමට පටන්ගෙන ඇත.

මෙම තත්ත්වය හමුවේ වෙළෙඳ පොළේ රුපියල් 15,000 ක් වැනි මිලකට ගත හැකිව තිබූ පාපැදියක් රුපියල් 40,000 කටද ඇතැම් පාපැදි ඊටත් වඩා ද මිල ඉහළ ගොස් ඇත.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින දෙකක් පැය 08 බැගින් ඉන්ධන හලක සිටීම නිසා තමාගේ කාලය නිරපරාදේ වැයවූ බවත් එම නිසා පාපැදිය උපයෝගී කරගෙන සතියක පමණ කාලයක සිට සිය සේවා ස්ථානයට ගමන් කරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ ව්‍යවහාරික විiා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.

මේ ආකාරයෙන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඇතැම් සේවක පිරිස්ද සිය සේවා ස්ථානවලට පාපැදියෙන් යෑමට පුරුදුවී සිටිති. මෙමගින් තමන්ට ආර්ථික වශයෙන් සහ ශාරීරික වශයෙන් ලාභ ප්‍රයෝජන පවතින බවද ඔවුහු කියා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment