ඉන්ධන මිල  වැඩි කරන්නේ නෑ – ඇමැති ගම්මන්පිල

151

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය දෙසැම්බර් 20 දා සිට මේ වනතෙක් සියයට 38 කින් ඉහළ ගියද මෙරට ඉන්ධන මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) කීය.

දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ගණන් පවතිනුයේ ශී‍්‍ර ලංකාවේ බවද මෙරටට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දියාවේත් ඞීසල් මිල මෙරට මිල මෙන් දෙගුණයකටද වඩා වැඩි යැයිද හෙතෙම පැවසීය.

ලෝක මට්ටමින් ගත් කළ ඉන්ධන මිල අඩුවට පවතින 22 වැනි රට ශී‍්‍ර ලංකාව යැයිද ඊට උඩින් ඇති රටවල් 21 ම යහමින් තෙල් නිෂ්පාදනය කරන රටවල් යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර රුසියාව සහ යුක්කේ‍්‍රනය අතර ඇතිව තිබෙන හදිසි යුද තත්ත්වය හේතුවෙන් මාර්තු වන විට තෙල් බැරලය තවදුරටත් ඉහළ යනු ඇති බවත් මේ වනවිට මෙරටට පැමිණ තිබෙන ඉන්ධන නැව් සඳහා ගෙවීම් කොට ඉන්ධන මිලදී ගන්නා බවත් වැඩිදුරටත් හෙතෙම කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment