ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පාරිභෝගිකයෝ අයි. ඕ.සී.  පිරවුම්හල් ප‍්‍රතික්ෂේප කරති

332

අයි. ඕ.සී. සමාගම විසින් ඞීසල් සහ පෙට‍්‍රල් ඉන්ධන මිල ඉකුත් 10 දා රාත‍්‍රියේ සිට වැඩි කිරීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල වැඩි කිරීමත් සමග හැටන් නගරයේ පිහිටි අයි. ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වලින් ඊයේ (11 දා) ඉන්ධන ලබා ගැනීම රථවාහන හිමියන් විසින් ප‍්‍රතික්ෂේප කර සියලූම වාහනවලට ඉන්ධන ලබා ගැනීම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙතින් සිදුකර ගැනුණි.

ඉන්ධන මිල මෙලෙස වැඩි කිරීම අසාධාරණ බව රථවාහන හිමියෝ සහ රියැදුරෝ කියා සිටී. ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව ත‍්‍රිරෝද සහ බස්රථවල ගාස්තුත් වැඩි කිරීමට සිදුවන බව රියැදුරෝ කියති.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment