ඉන්ධන මිල වැඩි කිරීම ගැන පකිස්තාන රජයට ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

194

පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල ගණන් පකිස්තාන රුපියල් 30කින් වැඩි කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් වත්මන් පකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ් ගේ රජය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. සිය පක්ෂය හා රුසියානු රජය අතර ඇති කරගෙන තිබූ රුසියාවෙන් සියයට 30ක් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ ගිවිසුම වත්මන් අගමැතිවරයා ක්‍රියාත්මක නොකිරීම වරදක් බව ඉම්රාන් ඛාන් සඳහන් කර තිබේ.

 මෙහිදී ඉන්දියාව ප්‍රශංසාවට ලක් කර ඇති ඉම්රාන් ඛාන් ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගැනීම නිසා ඉන්ධන මිල ගණන් පකිස්තාන රුපියල් 25කින් පමණ අඩු කිරීමට එරටට හැකි වී ඇති බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment