ඉන්ධන මිල සූත්‍රයක් ගේනවා: මැයි මුල තෙක් ප්‍රමාණවත් තෙල් රටේ තිබෙනවා

168

බලශක්ති ඇමැති කංචන කියයි

ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ වන විට විදුලි බලාගාර සඳහා ද ප්‍රමාණවත් ඉන්ධන තොග ලබාදී ඇති බව පවසන ඇමැතිවරයා එළැඹෙන මැයි මාසයේ මුල් සතිය වනතෙක් ප්‍රමාණවත් ඉන්ධන රටේ තිබෙන බවද ප්‍රකාශ කළේය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමඟ ඩොලරයේ අගය විශාල වශයෙන් ඉහළ යෑම නිසා මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව මහා පරිමාණයෙන් පාඩු ලබමින් තිබෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment