ඉන්ධන ලීටර් 24000 ක් සගවා සිටි මහනුවර ෂෙඩ් 02 ක් අල්ලයි

568

පෙට‍්‍රල් තිබියදී ජනතාවට ලබා නොදී ස`ගවාගෙන සිටි මහනුවර හෙළිඔය සහ වැලිගල්ල ප‍්‍රදේශයේ ඉන්ධන හල් දෙකක් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විමර්ශනයක් අරඹා තිබේ.

අදාළ ඉන්ධන හල් දෙක මගින් පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා නොදෙන බවට ඛනිජ තෙල් සංස්ථාවේ මහනුවර ප‍්‍රාදේශීය කළමනාකරුට ඊයේ (25 වැනිදා) පෙරවරුවේ ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

මෙම ඉන්ධන හල් දෙකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ රැදී සිටි ජනතාව විසින්ම මේ දැනුම්දීම සිදු කර ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී ඉන්ධන ලීටර් 24000 ක් අදාළ ඉන්ධන හල් දෙකෙහි ඒ වන විට ගබඩා කර තිබී සොයාගෙන තිබේ.

සංස්ථාවෙන් ඉන්ධන ලබාගෙන පාරිභෝගියන්ට ලබා නොදී සගවාගෙන සිටින ඉන්ධන හල් සම්බන්ධයෙන් සොයා බලා විමර්ශන සිදුකරන ලෙස තමන් ප‍්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් ලබා දුන් බව මේ පිළිබ`දව අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් රට තුළ ඉන්ධන හි`ගයක් නොමැති බැවින් ජනතාවද මහා පරිමාණයෙන් ඉන්ධන පුරවා ගැනීමෙන් වැළකී අවශ්‍යතාව පරිදි කටයුතු කිරීම වැදගත් බව ඒ මහතා ස`දහන් කළේය. අදාළ ඉන්ධන හල් දෙක සම්බන්ධයෙන් අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග ගැනීමටද ඊයේ සවස් වන විට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබිණි.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment