ඉන්ධන වළේ එළවළු හැලේ

159

රටේ පවතින ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙන් එළවළු වෙළෙඳාම සියයට 20 ත් 30 ත් අතර ප‍්‍රමාණයකින් පහළ බැස ඇති බවත්, මේ හේතුවෙන් එළවළු මිල ද විශාල ලෙසින් පහත බැස ඇති බවත් සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙ`ද සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවැසීය.

පවතින ඞීසල් හිඟයත් සමඟ ලොරි, ට‍්‍රැක්ටර්, ත‍්‍රිරෝද රථ වලින් ගොවිපළට ගොස් එළවළු අස්වැන්න මිලදී ගැනීමට හෝ වෙළෙ`ද පොළට රැුගෙන ඒමට නොහැකි තත්ත්වයක් ගතවූ දින කීපය පුරාම දක්නට ලැබුණ බව ද හෙතෙම කීවේය. මීට අමතරව ගෑස් හිඟය හේතුවෙන් අවන්හල්, ආපන ශාලා විශාල ප‍්‍රමාණයක් වසාදමා ඇති හෙයින් වෙළෙ`ද ව්‍යාපාරිකයන් වෙළෙ`ද පොළට එළවළු මිලදී ගැනීම ස`දහා පැමිණෙන ප‍්‍රමාණය අඩුවී ඇතැයි ද ඔහු ස`දහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment