ඉන්ධන – විදුලිය ගාස්තු වැඩිකරන්න මහ බැංකුව රජයට කරුණු 8 ක පැකේජයක් යෝජනා කරයි

150

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල බදු වැඩිකිරීම ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩිකිරීම ඇතුළුව රජයට වහාම ක‍්‍රියාත්මක කළ යුතු ප‍්‍රධාන කරුණු අටකින් සමන්විත ආර්ථික ප‍්‍රතිපත්ති පැකේජයක් රජයට ඉදිරිපත් කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (04 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රජය විසින් මේ ඒකාබද්ධ ප‍්‍රයත්නයන් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

එබැවින් රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස පහන සඳහන් කරුණු කඩිනමින් සලකා බලන ලෙස මහ බැංකුව රජයෙන් ඉල්ලා සිටින බව ද කබ්රාල් මහතා කීවේය.

මේ අනුව මහ බැංකුව විසින් පෙර සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන අධෛර්යවත් කිරීමට ක‍්‍රියාමාර්ග හඳුන්වා දීම.

පිරිවැය පිළිබිඹු කිරීම සඳහා කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම විදේශ පේ‍්‍රෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම

පුනර්ජනනීය බලශක්ති කරා කඩිනමින් යොමු වන අතරම බලශක්ති සංරක්‍ෂණ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම

තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩිකරීම් හරහා රජයේ ආදායම ඉහළ නැංවීම

කඩිනමින් විදේශ මුල්‍යයන සහ ණය නොවන විදේශ විනිමය ලබා ගැනීම

උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප‍්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම යන ක‍්‍රියාමාර්ග රජයට ක‍්‍රියාත්මක කරන ලෙස මහ බැකුව විසින් නිර්දේශ කර ඇත. ඉහත ක‍්‍රියාමාර්ග රට මුහුණදී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයෙන් මිදීම සඳහා සහ කොවිඩ් වසංගතය ආශ‍්‍රිතව ගනු ලැබූ ප‍්‍රතිපත්ති ලිහිල් කිරීම්වලින් විචක්ෂණශීලීව ඉවත්වීම සඳහා ඒකාබද්ධ ප‍්‍රවේශයක් ක‍්‍රියාත්මක කිරීම සහතික කරනු ඇතැයි ද මහ බැංකුව පවසයි.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (04 දා) දහවල් පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මෙම ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග ප‍්‍රකාශයට පත් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment