ඉන්ධන ස්ථායීකරණ අරමුදලෙන් වැඩ ගන්න කැබිනට් අනුමැතිය  

125

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමකදී දේශීයව ඉන්ධන මිල පාලනය සඳහා ආරම්භ කළ ඉන්ධන ස්ථායීකරණ අරමුදලෙහි ඇති මුදල් ඒ සඳහා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ වනවිට එම අරමුදලට රුපියල් කෝටි දෙදහසකට අධික මුදලක් (22, 434, 531, 371) බැරවී ඇතැයි ද විගණන කාර්යාලය සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවී තිබියදීත් ආනයනයේදී අධිභාරයක් අයකර පැවැති මිලට ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් (2020 වර්ෂයේ මාර්තු මස සිට 2021 ජනවාරි මාසය දක්වා) මාස 10ක කාලයකදී ඉන්ධන ස්ථායීකරණ අරමුදල විසින් අතිරික්ත ආදායමක් උපයාගෙන තිබුණි. කෙසේ වුවද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ මෙම අරමුදලින් රුපියල් බිලියන 48ක මුදලක් විදුලිබල මණ්ඩලය වෙත 2020 වර්ෂයේදී ලබා දී තිබිණි.

ඉන්ධන මිල වැඩිවීමේ දී හා අඩුවීමේ දී සිදුවන මිල වෙනස්වීම පාලනය කර ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් මෙකී අරමුදල පිහිටුවා තිබිණි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධල මිල අඩුවීමේ වාසිය වඩාත් පලදායී අරමුණු සඳහා යෙදවිය යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment