ඉන්ධන සැපයීම දිගු කාලීනව සිංගප්පූරුවට

358

මාස අටකට එකවර පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ සමාගමකට ප්‍රධානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව 2022 ජනවාරි මස 01 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී තිබේ.

ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137500ක් සහ ඩීසල් උපරිම සල්පර් ප්‍රතිශතය 0.001 බැගින් වු බැරල් 262500ක් ආනයනය කිරීමට කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

එමෙන්ම එම කාලය තුළ පෙට්‍රල් 92 බැරල් 1,341,000 සහ පෙට්‍රල් 95 බැරල් 459ල000ක් ආනනය කිරීමට අදාළ සමාගම වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ආදළ සමාගම වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment