ඉන්ධන හලට තෙල් ගන්න ඇවිත් පාරම වහගෙන

327

කන්තලේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පිහිටි අයි.ඕ.සී. ඉන්ධන හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන රථවාහනවලින් බොහෝ විට මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් නොව රෝගීන් රැගෙන යන ගිලන් රථවලට පවා ගමන් කිරීමේ අපහසුතාවයන් මතුවන බව ප්‍රදේශවාසීහු කියති.

සමහර අවස්ථාවලදී පොලිසිය යොදා ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කළද එයින් ද ප්‍රතිඵලයක් නොමැති බවත්, විකල්ප මාර්ග යොදා ගනිමින් වාහන ගමන් කරවීමට පියවර ගැනීම කාලය, ඉන්ධන අපතේ යැවීමට ගන්නා පියවරක් බවත් ඔවුහු පවසා සිටිති.

මේ අතර විශාල ටිපර් රථ යොදාගෙන සංවිධානාත්මකව මාර්ගය අවහිර කරමින් අනෙකුත් වාහනවලට ඉන්ධන ලබාගැනීමට ඇති අවස්ථාවත් අහිමි කිරීමේ නින්දිත ක්‍රියාවන් ද සිදුවනු දක්නට ලැබීම ඉතාම කනගාටුවට කරුණක් බවද ජනතාව වැඩිදුරටත් ප්‍රකාශ කරති.

මේ පිළිබඳව ත්‍රිකුණාමලය මහ දිසාපති බී.එච්.එන්. ජයවික්‍රම මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ මෙම දසුන් තමාද නිරීක්ෂණය කළ අතර ඊයේ (26දා) කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව දැණුවත් කිරීමට කටයුතු කළ බවත් ය.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment