ඉන්ධන හා ගෑස් පෝලිම්වල කොවිඩ් පැතිරීමේ අවදානමක්

104

ඉන්ධන පෝලීම් හා ගෑස් පෝලීම්වල කොවිඩ් පැතිරීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මෙම තත්ත්වය තුළ ඉන්ධන පෝලිම්වල හෝ ගෑස් පෝලිම්වල දින ගණන් රැඳී සිටින්නේ නම් ජනතාව අනිවාර්යයෙන්ම මුඛ ආවරණය පැළඳීම සුදුසු බවද ඇය කියා සිටියාය.

දැනටමත් දිනකට කොවිඩ් රෝගීන් 60-70 ක් වාර්තාවන බවත් ඇය පැවසුවාය.

තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මෙසේද කියා සිටියාය.

දැන් මේ දිනවල දිගින් දිගටම දකින්න තියෙන දෙයක් තමයි ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම්, සමහර අය මේ පෝලිම්වල දින ගණන් ඉන්නවා. ඒ නිසා ඒ තැන්වල මුඛ ආවරණ පැළඳගෙන සිටීම ඉතා වැදගත්. කට්ටිය එකට එකතුවෙලා කෑම කන්න එපා. නිතරම දෑත් සැනිටයිසර් කර ගන්න. හැම වෙලාවෙම දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න. ඒ වගේම වතුර ලීටර් 2 ක් පානය කරන්න. සෞඛ්‍ය පුරුදු අමතක කළොත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් කොවිඩ් රැල්ලක් යන්න පුළුවන්. එවැනි රැල්ලක් ඇති නොවෙන්න හැම දෙනාම වගබලා ගන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment