ඉන්ධන හිගයට හේතුව වැඩිපුර මිලදී ගැනීමයි

148

ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක්….

කොයි මොහොතක හෝ හිඟයක් ඇති වෙතැයි සිතා සියලූම දෙනා වැඩිපුර ඉන්ධන මිලදී ගැනීමක් නිසා යම්යම් තැන්වල හිඟයක් මතුව තිබුණත් තෙල් ඇති තරම් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. සාමාන්‍ය ඉල්ලූම යටතේ දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000ක් පමණද පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 4500ක් පමණද නිකුත් කළත් වත්මන් ඉල්ලූම සපුරා ලීමට එම බෙදාහරින ප‍්‍රමාණය මදිවීම නිසා ඇතැම් ඉන්ධන හල්වල ඉන්ධන ඉක්මනින්ම අවසන් වන බවද සංස්ථාව කියා සිටී. ඩොලර් අර්බුදය මැද මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන ආනයනය කරන බවත් අධික ඉල්ලූම සපුරාලීමට නම් පැය විසිහතරේම සේවකයින් යොදවා බවුසර් පිටත්කර හැරීමට සිදුවන බවත් එහි ප‍්‍රධානීහු පවසති. එලෙස එක දිගට පවතින අධික ඉල්ලූම සපුරාලීම ප‍්‍රායෝගිකව කළ නොහැකි බවද කියා සිටිති.

එනිසා අනිසි ලෙස කලබලයට පත් නොවී සාමාන්‍ය පරිදි අවශ්‍යතාවලට අනුව පමණක් ඉන්ධන මිලදී ගන්නා ලෙස සංස්ථාව පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment