ඉන්ධන හිඟයෙන් මත්ස්‍ය නිෂ්පාදනය 8.9%කින් පහතට

82

ඉන්ධන හිඟයත් සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව (2021) ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 397,230ක් දක්වා සියයට 8.9කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2022 වර්ෂයේ දී සමස්ත මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 71ක් පමණ වූ මුහුදු මත්ස්‍ය නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 280,610ක් දක්වා සියයට 15.4කින් පහළ ගොස් ඇත. රටේ පැවැති ඉන්ධන හිඟයත් සමග විශේෂයෙන් ම මුහුදු මත්ස්‍ය කර්මාන්තයට අදාළව ධීවර කටයුතු සැපයුම්දාමවල ඇතිවූ අවහිරතා හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වුවද 2021 වසරට සාපේක්ෂව මිරිදිය මත්ස්‍ය අංශය සියයට 11.9ක වර්ධනයක් 2022 වර්ෂයේ දී වාර්තා කර තිබුණි. ඒ සඳහා ජලමූලාශ්‍ර නිසිපරිදි කළමනාකරණය කිරීම සහ ජලාශවල මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය ඉහළ නැංවීම හේතුවූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment