ඉන්නන්ට සුවය ගෙන දෙන හෝමියෝපති  ප‍්‍රතිකාර

2806

* ලිංගික  ඉන්නන්  – මේවා වඩාත් බරපතළ ඉන්නෝ වර්ගයකි
 
 * මෙය බෝවන චර්ම රෝගයකි
 
 * ප‍්‍රතිකාර බොහෝ ඇත. ඉන්නන් වියළීම, ඉවත් කිරීම පමණක් පූර්ණ සුවයකට ප‍්‍රමාණවත් නැත


 සමාජයේ පාසල් ළමුන්, තරුණ හා වැඩිහිටි යන පාර්ශ්වයන් අතර බහුලව දක්නට ලැබෙන සමෙහි තැනින් තැන පෙන්වන කුඩා අක‍්‍රමවත් වර්ධනයක් ලෙස ඉන්නන් පෙන්වා දිය හැක. බොහෝ දෙනෙක් නොදැන සිටින කරුණක් නම් ඉන්නන් බෝ වනවාද නැද්ද යන්නයි. ඉන්නන් ඇතිවන්නේ මානව පැපිලෝමා වෛරසය (HPV) නිසාය. එනම් මෙය බෝවන චර්ම රෝගයකි. මුහුණේ, අත් සහ පාදවල සිට කකුල්, ගුදය සහ ලිංගේන්ද්‍රය දක්වාම ශරීරයේ විවිධ ස්ථානවල ඉන්නන් ඇතිවිය හැක. මෙය විවිධ හැඩයන්ගෙන් හා ප‍්‍රමාණයන්ගෙන් පැමිණිය හැක. ඉන්නන් වර්ග කිහිපයකට ප‍්‍රධාන ලෙස වර්ගීකරණය කළ හැක. එයින් ප‍්‍රධාන ඒවා වන්නේ පොදු ඉන්නන්, ප්ලාන්ටර් ඉන්නන්, ජල ඉන්නන්, පැතලි ඉන්නන්, ලිංගික ඉන්නන් හා ෆිලිෆෝමි ඉන්නන් ලෙසය. මේ වර්ගීකරණය කරනු ලබන්නේ ඒවා දිස්වෙන ශරීරයේ ප‍්‍රදේශය අනුවය.

 පොදු ඉන්නන්

 මෙය බහුලව දැකිය හැකි ඉන්නෝ වර්ගයකි. මෙම ඉන්නන් විවිධ හැඩයන්ගෙන් ඇ`ගිලි වටා, අත් පිටුපස, නියපොතු වටා, දණහිස, කකුල්, අත් වැලමිට හා මුහුණේ පවා වර්ධනය වේ. මෙම ඉන්නන් විවිධ හැඩයන්ගෙන් පැමිණිය හැක. වටකුරු, පැතලි, කැපී පෙනෙන හෝ අක‍්‍රමවත් හැඩ නිසා ඇතැම් විට කැපී පෙනෙන කව්පි ඇටයක ප‍්‍රමාණය විය හැකිය. එහි වර්ණය අළු, දුබුරු හෝ සුදු අතර වෙනස් විය හැක. සාමාන්‍ය ඉන්නන් වේදනා රහිත වුවත් ඇතැමුන්ට ඒවා වටා මදක් මෘදු බවක් දැනෙන්නට පුළුවන. ඒ වටා ඇතැමුන්ගේ කුඩා කළු තිත්ද දැකිය හැකිය.

 ප්ලාන්ටර් ඉන්නන්

 මෙම ඉන්නන්ද වඩාත් සුලභ වේ. මෙම වර්ගයේ ඉන්නන් තුවාල විශේෂ ලෙස පාදයේ පිහිටා ඇත. ප්ලාන්ටර් ඉන්නන් එකවර මෘදු හෝ රළු හෝ කොරපොතු ලෙසද පෙනේ. එහි වර්ණය සාමාන්‍යයෙන් දුබුරු හෝ අළු පැහැයකි.

 මේවායේ වර්ග 2ක් තිබේ. ඒවා නම් පළමුවැන්න HPV 1 වර්ගයට අයත් බහුලව දැකිය හැකි තත්ත්වයකි. ඒවා ගැබුරු, පීඩන සංවේදී ඉන්නන් වන අතර පාදය තබා ඇවිදීමට අපහසු වන අතර ප‍්‍රතිකාර නොකළ හොත් එය ඉතා වේදනාකාරී වේ. දෙවැන්නේ HPV 2 වර්ගයට සම්බන්ධයි. එය වේදනාකාරී නොවන කෝලස් මෙන් (ගල්තැලීම් ආකාරය ගත්) පෙනෙන ඉන්නන් සමූහයකි.

 ඒවා සාමාන්‍යයෙන් ඇ`ගිලි තුඩු මතද දිස් වේ. මෙම ඉන්නන් ඇති  අයගෙන් අන් අයට බෝවීමත් සිදුවන්නේ ඔවුන් ගැවසෙන පිහිනුම් තටාකවල තෙත් මතුපිට, පොදු ක‍්‍රීඩා ක‍්‍රියාකාරකම් මධ්‍යස්ථාන හෝ වෙරළ තීරයේ පවා සහභාගි වීමට නැඹුරු වන ස්ථානවල සැරිසරන නිරෝගී පුද්ගලයකුගේ පාදයේ සීරිම, බිබිලි වැනි පාදයේ සමේ තුවාලයක් මගින් වෛරසය සම්පේ‍්‍රෂණය ඔවුන්ට සිදුවනු ඇත.

 ජල ඉන්නන්

 මෙම ඉන්නන් වර්ගය ළමුන් තුළ ඉතා සුලභය. වැඩිහිටියන් තුළද ඇතැම් විට දැකිය හැකිය. මෙම වර්ගයේ ඉන්නන් මොලූස්කා වෛරසය නිසා ඇති වේ. මේවා වතුර බිබිලි වැනි ගැටිති හෝ විනිවිද පෙනෙන වර්ණකයෙන් යුක්ත වන අතර සාමාන්‍යයෙන් ඒවා මද කුඩා සිදුරක් ඇත. මේවා සාමාන්‍යයෙන් පොකුරු ස්වරූපයෙන් දිස්වේ. අත්, පාද සහ මුහුණේ දැකිය හැක. මෙම ඉන්නන් අන් අයට පැතිරීම වැළැක්වීමට රෙදි, තුවා, ඇ`දුම්, පැළ`දුම් හා වෙනත් පුද්ගලික භාවිතාවන් බෙදාගැනීම වළක්වාගත යුතු වේ. තවද ජිම්නාස්ටික්, මල්ලවපොර, පිහිනීම වැනි ඇතැම් ක‍්‍රීඩාවල යෙදීමේදී ඔබට තුවාලයක් ඇත්නම් එම ක‍්‍රීඩාවල යෙදීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වේ.

 පැතලි ඉන්නන්

 මෙම ඉන්නන් නමට අනුව පැතලිය කුඩා මෘදු ගැටිති වේ. ඒවා සිනි`දු වන අතර ඒවායේ වර්ණය සාමාන්‍යයෙන් සම හෝ දුඹුරු පැහැයට සමාන වේ. මේවා ඇතැම් විට කැසීම හා වේදනාව ඇති කරයි. පැතලි ඉන්නන් ශරීරයේ ඕනෑම තැනක දිස්විය හැකිය. කෙසේ වෙනත් දරුවන් තුළ සාමාන්‍යයෙන් මුහුණේ බහුලව දක්නට ලැබේ. වැඩිහිටියන් තුළ එය වෙනස්ය. කාන්තාවන්ගේ කකුල්වල දක්නට ලැබෙන අතර පිරිමින්ගේ සාමාන්‍යයෙන් රැවුල් පෙදෙසෙහි දක්නට ලැබේ. මෙම ඉන්නන්වල ඇති ගැටලූව නම් ඒවා විශාල වශයෙන් වර්ධනයට නැඹුරු වීමය.

 ලිංගික ඉන්නන්

 මේවා වඩාත් බරපතළ ඉන්නෝ වර්ගයකි, මෙම වර්ගයෙන් ඉන්නන් වට්ටක්කා හැඩයට සමාන හැඩයක් ඇති අතර සමට ඉහළින් නෙරා එන ක`දක් ලෙස ඇත. තවද බොහෝ විට මස් පැහැති පැල්ලම් මෙන් පෙනෙන අතර ඉහළට මෙන්ම පැතලි වියද හැකිය. මෙම ඉන්නන් ඇතිවීම මිනිස් පැපිලෝමා වෛරසයේ Type 6 සහ Type 1  වර්ග වලිනි. මෙම ප‍්‍රභේද ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත් වීම ප‍්‍රියකරන අතර එම ප‍්‍රදේශවල පවතින උෂ්ණත්වය, තෙතමනය බලපානු ඇත. ලිංගික ඉන්නන් බොහෝ විට යමෙකුට බෝ වන්නේ ලිංගික හැසිරීමක් නිසාය. ඒ වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකුගේ ලිංගික ප‍්‍රදේශ එකිනෙක ගැටෙන්නේ ලිංගික හැසිරීමත් මගින් පමණක් බැවිනි. එබැවින් ලිංගාශ‍්‍රිත ඉන්නන් යමෙකුට බෝවන්නේ ලිංගික හැසිරීමත් නිසා බව පැහැදිලිය. ශරීරයේ සංවේදී ස්ථාන වන යෝනිය, යෝනි මාර්ගය, ගැබ්ගෙල, ගුදය, ශිෂ්ණය, වෘෂණ කෝෂ, මුත‍්‍රා මාර්ග කෙළවර මෙන්ම මුඛය, තොල්වල, දිවෙහි හා උගුරේද දිස්විය හැක. ලිංගාශ‍්‍රිතව ඇතිවන ඉන්නන් නසන ස්වභාවයන් ඇතිවේ. එම කැසීම සමග දැවිල්ලක්ද ඇතිවීමට ඉඩ ඇත. ඇතැමුන්ද සාමාන්‍යයෙන් වේදනාකාරී තත්ත්වද ඇතිවේ. පිරිමින්ගේ ලිංගේන්ද්‍රය සහ ලිංගාශ‍්‍රිත ප‍්‍රදේශවල ඉතා පැහැදිලි ලෙස මෙම ඉන්නන් දැකිය හැකිය. කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයේ බාහිර කොටසේ මෙම ඉන්නන් ඇති වුවහොත් පහසුවෙන් හ`දුනාගත හැකිය. එහෙත් කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ලිංගේන්ද්‍රය ඇතුළත ඉන්නන් ඇතිවුවහොත් එම ඉන්නන් බාහිරින් හ`දුනාගත හැකි නොවනු ඇත.

 ෆිලිෆෝම් ඉන්නන්

 මෙම ඉන්නන් සාමාන්‍යයේ ළමුන් තුළ දක්නට ලැබේ. එය මුල් අවධියට පමණක් සීමා නොවේ. ඒවා සාමාන්‍යයෙන් පෙනෙන ප‍්‍රදේශ වන්නේ මුහුණ, තොල්, නාසය, අක්ෂි, නිකට සහ බෙල්ලේය. මෙම වර්ගයේ ඉන්නන් සාමාන්‍යයෙන් කුඩා ප‍්‍රමාණයේ විශ්කම්භයෙන් කුඩා හා දිගටි වේ. ෆිලිෆෝම් ඉන්නන් ඉක්මනින් වර්ධනය වන අතර වෛරස් ආසාදනය නිසා ඇතිවේ. එම නිසා ශරීරය තුළට වුවද ඒවා බෝවේ. ඒවා සමහර විට කැසීම ඇතිවිය හැකිය. සමහර අවස්ථාවලදී ඔවුන්ට ලේ ගැලීමට පවා පුළුවන.

 වළක්වා ගැනීම

 පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කරන විට පිරිසක් එකට එකතුවී ක‍්‍රීඩා කරන විට මෙම ඉන්නන් බෝවීමේ හැකියාව ඇත. කිසියම් පුද්ගලයකුගේ ශරීරයේ ඇති ඉන්නන් වෙනත් අයකුගේ  ශරීරයේ ගැටුන විට ඉන්නන් බෝවිය හැකිය. එසේ වීමට අවශ්‍ය දෙකක් සැපිරිය යුතුය. ඉන්නන් සහිත පුද්ගලයාගේ ඉන්නන්ගේ ජීවී වෛරසය තිබීම. එම වෛරසය ශරීරගත වීමට සුදුසු තත්ත්වයක් (සීරීමක්, තුවාලයක්) ඉන්නා ගැටුණු ප‍්‍රදේශයේ සම මතුපිට තිබීමය. මෙම අවශ්‍යතා දෙක සම්පූර්ණ වූ විට රෝගි පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකු වෙත ඉන්නන් බෝවීමේ හැකියාව ඇත. ලිංගික ඉන්නන් බොහෝ විට යමෙකුට බෝවන්නේ ලිංගික හැසිරීම නිසාය. එම නිසා ඉන්නන් ඇති අය තමන්ගේ

 ඇ`දුම් යනාදිය හුවමාරුවෙන්ද, මෙම ලිපිය මගින් දැනුවත් කම ලබා තමන්ගෙන් අන් අයට පැතිරීමේ අවස්ථාවන් වළක්වා ගැනීම තමන් විසින්ම කළ යුතු සමාජ සත්කාරයක් වනු ඇත.

 ප‍්‍රතිකාර

 ප‍්‍රතිකාර බොහෝ ඇත. ඉන්නන් වියළීම, ඉවත් කිරීම පමණක් පූර්ණ සුවයකට ප‍්‍රමාණවත් නැත. හෝමියෝපති ප‍්‍රතිකාරය මේ අතින් සුවිශේෂී ස්ථානයක් ගනු ලබන්නේ පූර්ණ සුවයක් දියහැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් නිසාය. ඉන්නන්ගේ ව්‍යුහාත්මක පෙනුම, දැනීම පෙන්වන රෝග ලක්ෂණ එයට සමානව අනුගත කරන නිවැරදි හෝමියෝපති ඖෂධීය ක‍්‍රියාකාරීත්වය දුර්වල ප‍්‍රතිශක්තිකරණය යථා තත්ත්වයට ගෙන ඒමට උපකාරී කරනු ඇත.

 කෙසේද යත් ශරීරය තුළ වෛරස් ජනකයට විරුද්ධව ප‍්‍රභල හමුදාවක් සැකසී පහරදී එය විනාශ කිරීම අනුගත වූ ඖෂධීය ශක්තිය ක‍්‍රියාකරනු ඇත. ”රෝගයට සමාන ප‍්‍රතිකාරයෙන් රෝගයට සුවය’’ හිප්‍රොක‍්‍රටිස්තුමාගේ ප‍්‍රකශනය ප‍්‍රවර්ධනය කරමින් හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ පියා වන බටහිර වෛද්‍යවරයකු වූ වෛද්‍ය හානෙමාන්තුමාගේ මූලධර්මය මත ”සමාන දෙයින් සමාන දේ සුවපත් වේ’’ ඒ අනුව අනුගත කරන ඖෂධීය ශක්තිය රෝග මූලය නැති කිරීම සිදු කරනු ඇත. එම නිසා වෛරසය අක‍්‍රීය වීම, ඉන්නන් ක‍්‍රම ක‍්‍රමයෙන් කුඩා වී හැලි යෑම, නැතිවී යෑම මතුපිටින් අපට දැකිය හැකි වනවා.

 එය නිසැක සුවයයි. මෙමගින් ඕනෑම ආකාරයක ඉන්නන් වර්ගයක් ශරීරයේ නැති වී යා හැක. එය ඔබ ලබන අද්විතීය ප‍්‍රතිකාරයකි. විශ්මිත සුවය වනු ඇත. HK Healthy Life ආයතනය මේ ස`දහාම සැකසුණු දේශීය නිෂ්පාදනයක් වන ”Inno Cure”’ ආලේපනය අන්තර්ගත හෝමියෝපති ඖෂධීය ක‍්‍රියාකාරීත්වයද විශ්මිත සුවයට මහ`ගු උපකාරයක් සිදුකරනු ඇත.

ඉන්නන්ට සුවය ගෙන දෙන හෝමියෝපති  ප‍්‍රතිකාර

එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්
 නො. 12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.
 රජයේ හිටපු ප‍්‍රධාන හෝමියෝපති නිලධාරිනි,
 වෛද්‍ය අනුෂා හේමකුමාර

advertistmentadvertistment
advertistmentadvertistment