ඉන්න රටක්‌ ඕනෑ කියපු තරුණයන් අද දවසකට පන්දහකට වැඩිය රට යන්න පාස්‌පෝට්‌ පෝලිමේ ඉන්නවා

440

ආණ්ඩුව මෝල් හිමියන් සමඟ ඩීල් දාලා

අද වන විට රටේ ජනතාවට මේ රටේ ජීවත් වෙනවාද නැද්ද කියලා තෝරගන්න සිදුවෙලා. පාස්පෝට් කාර්යාල දිහා බැලූවම ඒ බව හොඳින් පේන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා මේ කරුණු ප‍්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අද වන විට රටේ ජනතාවට මේ රටේ ජීවත් වෙනවාද නැද්ද කියලා තෝරගන්න සිදුවෙලා. අද පාස්පෝට් කාර්යාල දිහා බැලූවම ඒ බව හොඳින් පේනවා. ඉන්න රටක් ඕන කියලා ඡන්දෙ දීපු තරුණයන් දවසකට 5000කට වැඩි ප‍්‍රමාණයක් පාස්පෝට් කාර්යාලය අසල පෝලිමේ ඉන්නවා. ඒ වගේම ප‍්‍රාදේශීය වශයෙන් තිබෙන පාස්පෝට් කාර්යාල ළඟත් පෝලිම් ගැහිලා තියෙනවා. මේ වෙනස තමයි අද ඇති වෙන වෙනස. මෙයට හේතුව.

මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අහස උසට නැගලා ඊයේ වන විට ගෑස් මිල 85% කින් වැඩි කරලා. ඒ දෙගුණයකටත් ආසන්න මිලකින් කිරිපිටි, පාන්පිටි, සිමෙන්ති, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙලා. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඇහුවා ලූනු ගෙඩියක් පෙන්නලා ගාන කීයද ? දැන් සැපද? කියලා. අපි රටේ ජනතාවගෙන් සැපද කියලා අහන්නේ නැහැ. ඒ තරමට අද ජනතාව අමාරුවෙන් ඉන්නෙ අද ජීවන බර වැඩි වෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට මිල පාලනයක් තිබුණා. හාල් වලට මේ ආණ්ඩුව ගැසට් අටක් ගැහුවා ඒත් මිල පාලනය කරගන්න ආණ්ඩුවට බැරි වුණා. අවසානයේ මිල පාලනයක් අයින් කරලා මෝල් හිමියන්ට අවශ්‍ය විදියට මිල වැඩි කරන්න අවස්ථාව උදාකරලා දුන්න ආණ්ඩුව එසේ කර ජනතාවට නාට්‍යක් පෙන්නන්න හදනවා. අපි නෙවෙයි මිල වැඩි කළේ මෝල් හිමියන් කියලා. අද ආණ්ඩුව මෝල් හිමියන් එක්ක ඞීල් දාලා ජනතාව තලා පෙලා දමලා.

මේ අවස්ථාවේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට අනුව මැතිවරණයක් පවත්වනවා නම් පැහැදිලිවම සමගි ජන බලවේගය හැටියට අපි එයට මුහුණ දී ජයග‍්‍රහණය කරන්න සූදානම්. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ රටේ ජනතාවගේ සංවේදී නායකයෙක්, දුක හඳුනන නායකයෙක්, හැටියට ජනතාව එතුමත් එක්ක එක්රොක් වී හමාරයි. පළාත් සභා නෙමෙයි ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය සූදානම්.

ආණ්ඩුව එදා අපි ජීවන බර දෙගුණයකින් වැඩිවෙලා ජනතාවට කන්න බැරි තත්ත්වයට පත් වෙලා කියලා බලය ගත්ත රජය 69 ලක්ෂයක් ඡුන්දය ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට කිව්වා අපිට තුනෙන් දෙකක බලයක් දෙන්නෙ කියලා. එය ජනතාව ජීවත් කරන සහන දෙන්න කියලා. ජනතාව එය ලබා දීලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හදා ගත්තා. ආණ්ඩුව කිව්වා පසුව 19 බලය මදි 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා ජනාධිපති විධායකය ඒකාධිපති බලය දෙන්න කිව්වා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවෙ ඒ අවස්ථාව ලබා දෙන්න කිව්වා. ඒ සියල්ල ලබා දුන්නා දැන් ජනතාවගේ එකදු ප‍්‍රශ්නයක්වත් විසඳන්න බැරි වෙලා. අද පැන්ඩෝරා පේපර්ස් වලින් හෙළි වෙලා තියෙනවා හිටපු නියෝජ්‍ය ඇමැතිවරියක් වුණු නිරූපමා රාජපක්ෂ ඇමරිකානු ඩොලර් මිලියන 165ක් වත්කම් ලෙස තිබෙන බව. එය එක් අයෙක් සතු මුදල් තව කොපමණ ඇද්ද එසේනම් මේවා සම්බන්ධයෙන් නීතිගත කරන්න පාර්ලිමේන්තුවේ පනත් ගෙනාවා එය කලූ සල්ලි සුදු කරන්න.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment