ඉන්සමාම්ට හෘදයාබාධයක්

333

පකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ ඉන්සමාම් උල්හක් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර සැත්කමකට භාජනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

 පසුගිය දින කිහිපය තුළ වරින් වර ඇති වූ පපුවේ වේදනාව හෘදයාබාධයක් දක්වා උත්සන්න වීම හේතුවෙන් පෙරේදා රෝහල්ගත කළ ඉන්සමාම් උල්හක් මේ වන විට 51 හැවිරිදි වියේ පසුවේ.

 පකිස්තානය ලෝක කි‍්‍රකට් කුසලානය දිනාගත් කණ්ඩායම් සාමාජිකයකු වූ ඉන්සමාම් එරට වෙනුවෙන් වැඩිම එක්දින තරග ලකුණු ලැබූ කී‍්‍රඩකයා වේ. ඔහු ලබා ඇති ලකුණු ගණන 11701 ක් වන අතර 2007 වසරේදී ජගත් කි‍්‍රකට් පිටියට සමුදුන් ඉන්සමාම් ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙසද පසුව කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment