ඉන්ෆ්ලුවෙන්සා රෝග කාරකයක් පැතිරෙයි

262

ඉන්ෆ්ලුවෙන්සා රෝග කාණ්ඩයක් මේ දිනවල ජනතාව අතර පැතිර යෑමක් දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

වෛරස රෝගයක් බැවින් මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතය අවශ්‍ය නැති බවත්, විවේකීව සිටිම සහ උණුසුම් ජලය පානය කළ යුතු බවත් සඳහන් කරති.

කැස්ස, සෙම, ඇගපත වේදනාව, උණ මෙහි දැකිය හැකි බහුල රෝග ලක්ෂණ වේ. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ විවිධ රෝගවලට ගොදුරුව සිටින පුද්ගලයනට මෙම රෝගය ඉතා පහසුවෙන් වැළඳිය හැකිය.

හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමුවන ලෙස ද මෙම ආසාදන රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව ද වෛද්‍යවරු සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment