ඉනිමේ මැද හරියේදී අපට වැරදුණා දුෂ්මන්ත චමීර පරාජයට හේතු කියයි

297

ඉන්දියාව ලබා දුන් ලකුණු 165 ඉලක්කය හඹා යෑමේදී ශ‍්‍රී ලංකාව හොඳ ආරම්භයක් ලබා ගත්තද ඉනිමේ මැද භාගයේදී හිතු තරම් ලකුණු නොලැබීම පරාජයට හේතු වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර ප‍්‍රකාශ කළේය.

ඉන්දියාවට එරෙහිව පෙරේදා (25 දා* පැවැති පළමු පන්දුවාර 20-20 ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 38කින් පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු එසේ ප‍්‍රකාශ කළේය.

එම තරගයේ පළමුවන පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 164ක් රැුස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිළිතුරු ලෙස රැුස් කර ගැනීමට හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 126ක් පමණි.

අපි හොඳ ආරම්භයක් ගත්තා පළමු පන්දුවාර 5 තුළදී ලකුණු 44ක් ලබා ගෙන තිබුණා. ඒත් දෙවැනි කඩුල්ල වැටුනට පසුව ලකුණු ලබා ගැනීමේ වේගය අඩාළ වුණා. ඉනිම මැද වන විට ලකුණු ආවේ නැහැ. තණ තීරුව තරමක් මන්දගාමී වෙලා තිබුණේ ඒත් ලකුණු 165ක් කියන්නේ හඹා යා හැකි ඉලක්කයක් යැයිද චමීර එහිදී ප‍්‍රකාශ කළේය.

මේ හේතුවෙන් මැද ඕවරවල ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කරන අයුරු පිළිබඳව නැවත විශ්ලේෂණාත්මකව බැලිය යුතු බවත් භානුක රාජපක්‍ෂ සහ පැතුම් නිශ්ශංක ආබාධයට ලක් වීමෙන් පිතිකරුවන්ගේ අඩුවක්ද දක්නට ලැබෙන බවත් චමීර ප‍්‍රකාශ කර සිටියේය.

තමාගේ ක‍්‍රීඩා දිවියේ හොඳම කාලය මෙය බවත් එක දිගට තරග ක‍්‍රීඩා කරමින් අත්දැකීම් ලබමින් රටට ජයග‍්‍රහණ ගෙන ඒම තමාගේ බලාපොරොත්තුව බවත් චමීර වැඩිදුරටත් පැවසීය.

කුෂාන් සුබසිංහ



දෙවැනි 20-20 තරගය අද

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20-20 ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (27 වැනිදා* කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද රාත‍්‍රී 8.00 ට තරගය ආරම්භ වීමට නියමිත අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින්ද, ඉන්දීය කණ්ඩායම ශිකර් ධවාන් විසින්ද මෙහෙයවනු ලබයි.

තරගාවලියේ ප‍්‍රථම තරගය පෙරේදා (25 වැනිදා* පැවැති අතර එහිදී ලද පරාජය ශ‍්‍රී ලංකාව එකදිගට ලද පස්වැනි පන්දුවාර 20-20 තරග පරාජය විය.

පළමු තරගයේදී පන්දු 19 ක් තුළ ලකුණු 09 ක් පමණක් රැුස්කර දැවී ගිය අශේන් බණ්ඩාර වෙනුවට මෙම තරගය සඳහා ලහිරු උදාර කැඳවීමට නියමිතව ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ලහිරු උදාර පළමුපෙළ පන්දුවාර 20-20 තරග 32 කට සහභාගි වී ලකුණු 678 ක් රැුස්කර ඇත.

අශේන් බණ්ඩාර එම තරගය සඳහා යොදවනු ලැබුවේ භානුක රාජපක්‍ෂ ආබාධයකට ලක්වීම නිසා වන අතර අද තරගය සඳහාද භානුකට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පසුගිය පන්දුවාර 20-20 තරග 5 තුළදී රැුස්කර ගැනීමට සමත්වී ඇත්තේ ලකුණු 131, 129, 111, 91 සහ 126 ක් ලෙස ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන් වන අතර පිතිකරුවන්ගේ දුර්වලතාවය එම තරගවලදී ලද පරාජයන්ට මූලික හේතුව වී ඇත.

ශ‍්‍රී ලංකාව කණ්ඩායම මේ තරගාවලියෙන් පරාජය නොවී සිටීමට නම් අද (27 වැනිදා* තරගය අනිවාර්ය වී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment