ඉනෝකා ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට ගෙන යයි

419

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ ඊයේ (10 වැනිදා) පැවති තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 3ක ජයග්‍රහණයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම 2022 ආසියානු කාන්තා අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

 එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ල වූ අතර ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 18 යි එක් පන්දුවකදී කඩුලු 7ක් දැවී ලකුණු 83 රැස්කරගෙන සිටියහ.

ඉනෝකා ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට ගෙන යයි

ඒ අනුව තරගය පන්දුවාර හතකට සීමා කර බංග්ලාදේශය හමුවේ ලකුණු 40ක ඉලක්කයක් ලබා දුන්නේය.

 එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 7 තුළදී ලබාගත හැකි හැකි වූයේ ලකුණු 37ක් පමණි.

 ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයග්‍රහණයක් හිමි වූ අතර තරඟයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඉනෝකා රණවීර සම්මාන ලැබුවාය.

 බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අසීරු අඩියකට පත්කළ ඉනෝකා තමන් ක්‍රියාත්මක කළ තරගයේ 6 වන පන්දුවාරයේදී ලකුණු තුනක් තුළ කඩුලු 4ක් දවා ගත් අතර එය ශ්‍රී ලංකා ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

 ලකුණු 27කට කඩුලු 2ක් දැවී ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් මෙපිටින් සිටි බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 8ක් තුළ බිඳ දැමීමට ඉනෝකාගේ පන්දු යැවීම හේතු වූවාය.

 මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ලබාගත් 4 වෙනි ජයග්‍රහණය වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 8ක් හිමි කරගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයේ පසු වේ.

 ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ලීග වටය යටතේ සහභාගී වන අවසන් තරගය අද පාකිස්තානය සමග පැවැත්වේ.

 ලකුණු සාරාංශය

 ශ්‍රී ලංකාව 8අ3/5 (18.1)

 නිලක්ශි ද සිල්වා නොදැවී 28, හර්ෂිතා මාධවී 18, හෂිනි පෙරේරා 11, කවීෂා දිල්හාරි 11

 බංග්ලාදේශය 37/7 (7)

 නිගර් සුල්ටානා 12

 පන්දු යැවීම

 ඉනෝකා රණවීර 7-4, ඕෂධී රණසිංහ 13-1

advertistmentadvertistment
advertistmentadvertistment