ඉඳිගහවැව සහ අවටට වන අලි තර්ජන

63

පැල් රකිමින් සිටි දෙදරු පියා මරුට

තිරප්පනේ පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඳිගහවැව ප්‍රදේශයේ දී රාත්‍රියේ වන අලි පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉඳිගහවැව ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 53 ක් වූ අප්පුහාමිගේ ජයරත්න නැමැති විශ්‍රාමලත් යුද හමුදා නිලධාරියෙකි.

මියගිය ඔහු දෙදෙරු පියකු වන අතර යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසු ගොවිතැන් කටයුතු කරගෙන ගිය අයෙකි. තම හේනේ වගාවන් ආරක්ෂාව සඳහා පැල් රකිමින් සිටිය දී රාත්‍රි 2.00 ට පමණ හේනට පැමිණි වන අලියකු පළවා හැරීමට ගිය අවස්ථාවේ දී මෙම වන අලියා පහර දී ඇත. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු එප්පාවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මේ දිනවල ඉඳිගහවැව හා ඒ අවට ගම්මානවලට වන අලි තර්ජන බහුල වශයෙන් එල්ලවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment