ඉපැරැණි පෙරදිග වේදය

303

පසුගිය සතියෙන්…..

හිමාලයෙන් ගෙනෙන ලද මැට්ට ද මෙවන් වූ ලාක්ෂණිකතා පෙන්වයි (Neupane et al., 2019). හිමාලයේ ශීත කාලගුණික තත්ත්වය නිසා ප‍්‍රදේශය හිමවලින් වැසී පවතී. ඒ ප‍්‍රදේශයේ පවතින ජලාශ සහ පොකුණු වල ජලය පවා මිදීම හේතු කොට ගෙන පොකුණේ අභ්‍යන්තර ජලය නිසලව පවතී. ශීත දේශගුණයක ඇති ජලාශයක පවතින මේ නිසල බව උණුසුම් කාලයේ හිම දියවීමෙන් ගලන ජලයෙන් එයට ගෙන එන සියුම් අවසාදිත පාංශු ඛණිකා තැන්පත් කරන්නට කදිම පරිසරයක් සකස් කරදෙයි. ශීත කාලයේ දී හිම මිදීමෙන් ජලය වායුගෝලය හා ගැටීම වලක්වාලයි. එනිසා ජලාශය තුළ ඔක්සිජන් සීමාකාරී වෙයි. ක‍්‍රමයෙන් තැන්පත් වන මඩ ඒවායේ අභ්‍යන්තරය ඔක්සිජන් හා ගැටීම තවදුරටත් වළක්වාලයි. එනිසා ඇතිවන්නේ ඔක්සිජනීහෘත පරිසරයකි. කාබනික ද්‍රව්‍යය වියෝජනය අඩු නිසා ජලාශයේ පවතින මඩ කාබනික ද්‍රව්‍ය වලින් පවා අනූන වෙයි (Choudhary et al., 2009). එනිසා ඇඹුල බිජුවට පැළවීම සඳහා හිමාලයෙන් ගෙනෙන ලද මැටි කදිම උපස්තරයක් සකස් කර දෙයි. එපමණක් නොව මෙම ජලජ ශාක ගැන අධ්‍යනය. කර ඇත්තෝ මේවායේ මුකුටයන් විකසිත වන්නේ ජලතලය මත්තට වර්ධනය වීමෙන් පසු බව හොඳින් දන්නෝය. ජලයේ

ගැඹුර කොතරම් වුව ඒ ගැඹුර අභිභවා මිස මෙවැනි ජලජ ශාක මුකුලිත නොවේ. එනිසා සැට රියන් උස උණ දණ්ඩ ඔස්සේ පුෂ්පයේ නටුව දිග ඇදී උණ දණ්ඬේ මත්තේ මුකුලිත වන්නේය. මෙහිදී බෝසතුන්හට අවශ්‍ය වන්නේ තම රට ජලයෙන් අනූන බව පෙන්වීමටයි. ඔහු ඒ සඳහා ක‍්‍රමවේද දෙකක් යොදාගනී. පළමුව ජලයේ වර්ධනය වන ඇඹුල ශාක ඇති බව පෙන්වීමෙන් තම රට තුළ ජලාශ ඇති බව ද ඉතා දිගු දණ්ඩක් සහිත ඇඹුල පුෂ්පයක් පෙන්වීමෙන් ඒ ජලාශ ඉතා ගැඹුරු බව ද පෙන්වයි. මේ සඳහා ඉතා වේගවත් වර්ධනයක් සඳහා අවශ්‍ය ඛණිජ ලවණ සහ කාබනික ද්‍රව්‍ය සහිත හිමාලයෙන් ගෙනෙන ලද පොකුණු මඩ යොදා ගන්නා අතර පොකුණේ ගැඹුරු බව පෙන්වීම සඳහා ඉතා දිග නටුවකින් හෙබි ඇඹුල පුෂ්පයක් ඇතිකිරීම සඳහා සැට රියන් උස උණ දණ්ඩ යොදා ගනී. මේ කරුණු කාරණා මෙලෙස ක‍්‍රමවත්ව සකස් කරනා මහෞෂධයන් නුවර ගැනීමේ එක් ප‍්‍රයන්තයක් එලෙස ව්‍යර්ථ කරයි.

මහෞෂධ පණ්ඩිතයෝ භූ ඉංජිනේරු වේදයේ (Geotechnical Engineering) ශිල්ප දක්වන්නට පටන් ගන්නේ උත්තර පංචාල දේශයේ සිරවන වේදේහයන් බේරා ගැනීමේ අටියෙන්. භූ ඉංජිනේරු වේදය වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ බෙහෙවින්ම භාවිත වන නවීන ප‍්‍රායෝගික වේද ක‍්‍රමයකි (Manoliu and Radulescu, 2008., Shah and Shroff, 2003). විශේෂයෙන්ම විවිධාකාරයේ උමං නිර්මාණයේ දී සහ ඉදිකිරීමේ දී මෙම ශිල්පීය ක‍්‍රමය අතිශය ප‍්‍රයෝජනවත් වේ (Adachi, 2001., Jones, 2022) එමගින් භූ අභ්‍යන්තරය විමර්ශනයට භාජන කරමින් උමං නිමැවීම සඳහා සුදුසු පාරිසරික තත්ත්වයන් පිළිබඳ අධ්‍යනය කරයි. යම් කිසි අවාසිදායක තත්ත්වයක් ඇත්දැයි සොයා බලන අතර ඒ අතර ඒ සඳහා සුදුසු පාංශු ප‍්‍රතිස්ථායිකරණ ක‍්‍රමවේද (Soil retaining) මගින් භූ අභ්‍යන්තරය ස්ථාවර කරයි (Yoo et al., 2014). මෙහි දී භාවිතාවන ශක්‍යතා අධ්‍යනයන් (Reconnaissance Survey) මගින් උමං කර්මාන්තය සඳහා අවැසි භූ පාරිසරික තත්ත්වයන් විශ්ලේෂණය කරයි. මහෞෂධයන් පළමුව අනුගමනය කරන්නේ ඒ පිළිවෙතයි. උත්තර පංචාලයට මහෞෂධයන් යන්නේ වේදේහයන් පමණක් නොව එක් සියයක් රජ දරුවන් සහ ඔවුන්ගේ අටළොස් අක්ෂෞහිණියක් වූ සේනාවද ද බේරා ගැනීමේ අටියෙන්. එනිසා තමන් සිදුකරන්නට යන උමං කර්මාන්තයේ වපසරිය තීරණය කරන්නට ඒ කරුණු ද සැලකිල්ලට ගනී. ඒ වාගේම උමං පෙතේ දෙකෙළවර ස්ථාපනය කරන්නට නම් ක්ෂේත‍්‍ර නිරීක්ෂණය (Field Investigation) භූ ඉංජිනේරු ශිල්පයේ අවැසිම පියවරකි. ගං තෙරේ සිට මාලිගාව දෙසට පියවර මනිනා බෝසතුන් දෙගව්වක් සලකුනු කරන්නේ මහා උමග කරවනු අටියෙනි. එතනින් ඔබ්බට පිරික්සාකරන පණ්ඩිතයන් මාලිගා ඉදිකිරීම සඳහා සුදුසු භූමිය තෝරා ගනී. ඉන්පසුව මෙම මාලිගාව සහ චූලනි රජුගේ මාලිගාව සම්බන්ධ කරන්නට තවත් කුඩා පරිමාණයේ උමගක් කරන්නට සැලසුම් කරන්නේ චූලනී රජුගේ මාලිගාවේ යම් අයෙකු සිර වුවහොත් බේරාගැනීමේ අටියෙන්. මහා බෝසතුන් මේ සියල්ල සැලසුම් කරන්නේ තමා දකින භූමියේ අභ්‍යන්තරික තත්ත්වය ගැන ද මනා අවබෝධයක් ඇතිව බව පෙනී යයි. ගංතෙරෙහි භූ අභ්‍යන්තරික තත්ත්වය ගැන මනා අවබෝධයක් ඇත්තෙක් තේරුම් ගන්නේ සියුම් මැටි අංශූන්ගෙන් සමන්විත දියළු අවසාදිත සහිත පිටාර තැන්නක ලාක්ෂණිකයන් එහි ඇති බවයි (Toda, 2005., Anup, 2015). එයින් ගම්‍ය වන්නේ කැණීම් කටයුතු පහසුමුත් ස්ථාපිතකරණය පිළිබඳ හොඳ සැලකිල්ලක් ගත යුතු බවයි. සුළු උමගේ දොරකඩ නිමවන්නට සැලසුම් කරන්නේ චූලනී රජුගේ මාලිගාවේ උඩුමහලට

නගින ඉනිමග පටගන්නා ස්ථානයේයි. එහි දී භාවිත කරන තාක්ෂණය පැහැදිලි කරන්නේ මෙසේයි. ”සුළු උමග දොර මෙ තැනැ වියැ යුතු යැ. යි ඉඳුරා සලකා, පරණ හිණ අරවා යම් තැනෙකැ උමග දොර වේ ද, ඒ තැනැ පස් නොවැගිරෙන පරිදෙන්න පෝරු අතුරුවා නො හෙන පරිද්දෙන් නිශ්චල කොටැ හිණ සිටුවා ලු සේක.’’ සියුම් කලිල අංශුන්ගෙන් සමන්විත ලිහිල් දියළු පාංශු ස්ථර ස්ථාවරකරණය මෙලෙස ඉතා පැහැදිලිව දක්වන්නේ වත්මනේ භාවිත කරන මූලික ක‍්‍රමවේදවල සිද්ධාන්තයන්ම උපයෝගී කරනා බව පෙන්වමින්. සුළු උමග ගව්වක් දිගය. එහි කෙළවර වේදේහ රජුට තාවකාලිකව වසන්නට නව නුවර ඉදිකරන්නට සැලසුම් කරන්නේ මහා උමග හා සම්බන්ධ කරන අටියෙනි. මහ උමග නම් අටළොස් රියන් (අඩි තිහක් පමණ) උසය. මේ සියල්ල තනන්නේ තනිකරම මැටි පිරි භූමියක යි. එනිසා ඇති ප‍්‍රමාණ මැටි ඇති බැවින් ඒවා ගඩොල් කර්මාන්තය සඳහා ද යොදා ගනී. එමගින් පණ්ඩිතයන්ගේ යෝධයෝ නුවර පවුරු තනන්නෝය. එය සම්පත් කළමනාකරණය පෙන්වන්නකි. උමග පස් පිරි උමගක් ලෙස නොපවත්නේ, එය මහඟු ලෙස සැරසිලි කරනා බැවිනි. ඒ සඳහා මකුළු මැට්ට යොදා ගත් බව සඳහන් වේ. මකුළු මැට්ට සුදු පැහැති ය. වර්තමානයේ අප ධවල පැහැගත් කෙයෝලින් මැට්ට ලෙස හඳුන්වන්නේ බොහෝ විට මේ මකුළු මැට්ටටයි (Prasad, 2091). ඉංජිනේරු තාක්ෂණයේ උච්චත්වය තවදුරටත් මෙහි දක්වන්නේ උමග යාන්ත‍්‍රීකරණය කර ඇති බව සඳහන් කරමින්. එය මෙලෙස එහි සඳහන් කරයි. ‘‘උමග වනාහි අටළොස් රියන් උස (අඩි තිහක් පමණ) ඇති යන්ත‍්‍රයෙන් යුක්ත දොරවලින් ගැවැසී ගත්තේ යැ. එක ඇණයක් මිරිකා ලන්නා ඒ දොරවල් මුළුල්ලේ පිහී යන්නේ යැ. අනෙක් ඇණයක් මිරිකා ලන්නා ඇරී යන්නේ යැ’’. ජාතක කතාවේ දක්වන පරිදි එහි මහා දොරවල් අසූවකි. කුඩා දොරවල් හැට හතරකි. ඒ දොර සියල්ල එකවර වැසිය හැකි ලෙසත් ඇරිය හැකි ලෙසත් යන්ත‍්‍ර මගින් තහවුරු කරන්නේය. උමග දෙපස තවත් ගබඩා සිය ගණනකි. සිය ගණනක් නිදන කාමරය. මේ සියල්ල යන්ත‍්‍රානුසාරයෙන් ක‍්‍රියා කරන්නේය. මෙවැනි යාන්ත‍්‍රික දොරවල් අද බොහෝ විසල් ගොඩනැගිලිවල දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයකි. නමුත් මෙවන් වූ කේන්ද්‍රගත යෝධ නිර්මාණයක් ගැන නම් වත්මන් විද්‍යා ලෝකයේ අසන්නට ලැබෙන්නේ නැත. සියලු සැරසිලි සහිතව තුන් ගවු උමං ඇතුළු අංග සම්පූර්ණ නුවරක් කරවන්නට පණ්ඩිතයනට ගතවන්නේ සාර මසක් පමණි. සම්පත් කළමනාකරණයේ සහ කාලය කළමනාකරණයේ අපූර්වත්වය මෙහි දී අපට අත් විඳින්නට හැකි බව ඉතා හොඳින් පැහැදිලි වන කාරණයකි.

සාරාංශය

පැරණි සාහිත්‍ය කෘති අතීත සමාජයේ ප‍්‍රතිබිඹුවකි. එමගින් සමාජය ගැන මෙන්ම ඔවුන්ගේ දැනුම, අවබෝධය, පාරිසරික සාක්ෂරතාව, තාක්ෂණික දැනුම යනාදිය පිළිබඳව පැහැදිලි අර්ථකථනයක් කළ හැකි වේ. උම්මග්ග ජාතකය ඇසුරෙන් සිදු කරන ලද මෙම අධ්‍යනයෙන් පැහැදිලි වන්නේ අතීත පෙරදිග ජනයාගේ විද්‍යා දැනුමේ වපසරියයි. වර්තමානයේ භාවිත වන බොහෝ බටහිර විද්‍යත්මක දැනුම පෙරදිග වැසියන් බොහෝ කලකට පෙර භාවිත කරන ලද බවට මෙම විග‍්‍රහය කදිම නිදසුනකි. නමුත් එම දැනුම ප‍්‍රකාශවන්නේ අද බටහිර විද්‍යා ලෝකයේ භාවිත කරන ආකාරයට ද නොවන බව අප අවබෝධ කරගත යුතුවේ.

ස්තුතිය

මාගේ විශේෂ ස්තුතිය පර්යේෂණ පත‍්‍රිකාවක් නිමවීම සඳහා මා උනන්දු කළ ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලසන්ත මානවඩු මහතාට යි. එමෙන්ම මේ මහඟු ග‍්‍රන්ථය කුඩාකලම මා අතට පත්කළ නොබෝදා අප අතරින් වෙන්වූ මාගේ ආදරණීය පියාණන්ට ද ගෞරව පූර්වකව ස්තුතිවන්ත වන අතර මෙය කියවා මා දිරිමත් කළ මාගේ ආදරණීය මාමණ්ඩිය ප‍්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර මහතාට ද බෙහෙවින්ම කෘතඥ වෙමි.

පරිශීලන

  1. Adam D. Kay, Abbie J. Bruning, Andy van Alst, Tyler T. Abrahamson, W. O. H. Hughes and Michael Kaspari. 2014. A carbohydrate-rich diet increases social immunity in ants, Proceedings of the Royal Society B, March 7, 2014.
  2. Anup, KC. And Kalu, S. 2015. Soil Pollution Status and Its Remediation in Nepal, in Soil Remediation and Plants. 2015. Soil Remediation and Plants, Prospects and Challenges, Edition: 1stChapter: 11. Elsevier, Edit: Khalid Rehman Hakeem, Muhammad Sabir, Münir Öztürk, Ahmet Ruhi Mermu. DOI: 10.1016/B978-0-12-799937-1.00011-5.
  3. Bradley W. Anderson, BW., Kortz., MW., Al Kharazi KA. 2021. Anatomy, Head and Neck, Skull. Treasure Island (FL): Stat Pearls Publishing; 2021. NBK499834PMID: 29763009.
  4. Chisvert, A., López-Nogueroles, M. and Salvador, A., 2019. Encyclopedia of Analytical Science, Reference Work, Third Edition, 2019. Pages 158-163.
  5. Choudhary, P., Routh J. and Chakrapania, GJ., 2009. An environmental record of changes in sedimentary organic matter from Lake Sattal in Kumaun Himalayas, India. Sci Total Environ. 407(8). doi: 10.1016/j.scitotenv.2008.12.020.
  6. Craft, C. 2016. Creating and Restoring Wetlands, From theory to practice. Elsevier, 2016.
  7. Deziel, C. 2018. Lignin Formation in Plants. The Dilemma of Linkage Specificity Ronald Hatfield, Wilfred Vermerris Author Notes Plant Physiology. 126 (4). Pages 1351–1357, https://doi.org/10.1104/pp.126.4.1351.
  8. Fadel, DR., 2020. History of the Perfume Industry in Greco-Roman Egypt. International Journal of History and Cultural Studies (IJHCS). 6(4). Pages 26-45.r
  9. Hauser, P., 2017. Sustainable chemical management and zero discharges. Sustainable Fibres and Textiles. The Textile Institute Book Series, Pages 347-366.
  10. Ikenberry, E., 1951. Perfume and Chemistry. Transactions of the Kansas Academy of Science (1903-) 54, no. 4 (1951): 508-10. Accessed August 29, 2021. doi:10.2307/3626211.
  11. Inouea, M., Inouea, T. Fushimib, Y., Okadaa, K. 1992. Sex determination by discriminant function analysis of lateral cranial form. Forensic Science International. Vol 57 (2)., Pages 109-117.
  12. Jones, B. 2021. Soft Ground Tunnel Design, CRC Press (Copyright Year 2022).Kent, LB and Robertson. HM. 2009. Evolution of the sugar receptors in insects. BMC Evolutionary Biology. 9(41).
  13. Lange., G. 2019. Cobra Deities and Divine Cobras: The Ambiguous Animality of Nagas. Animals and World Religions (Special Issue in 2019). doi:10.3390/rel10080454.
  14. Manoliu I., and Radulescu. N. 2008. Education and Training in Geo-Engineering Sciences Soil Mechanics and Geotechnical Engineering, Engineering Geology, Rock Mechanics. CRC Press (2008).
  15. Adachi, T., Tateyama, K and Kimura, M. 2001. Modern Tunneling Science and Technology. CRC Press.
  16. Neupane, B., Kang, K., Chen, P., Zhang, Y., Ram, K., Rupakheti, D., Tripathee, L., Sharma, CM., Cong, Z., Li, C., Hou, J., Xu, M. and Thapa, P. 2019. Historical Black Carbon Reconstruction from the Lake Sediments of the Himalayan–Tibetan Plateau.
  17. North Carolina State University. 2012. Significant skull differences between closely linked groups. Science Daily. 12 April 2012.
  18. Subhash C. Kak, SC. 1997. On the Science of Consciousness in Ancient India. Indian Journal of History of Science. 32. Pages 105-120.
  19. Paul, S. 2000. Mendeleyev’s Dream. The Quest for the Elements. New York: Berkley Books. ISBN 0-425-18467-6.
  20. Prasada, MS., Reida, KJ and Murray, HH. 1991. Kaolin: processing, properties and applications. Applied Clay Science, 6 (2), Pages 87-119.
  21. Ravandi, SAH and Valizadeh, M. 2011 Properties of fibers and fabrics that contribute to human comfort in Improving Comfort in Clothing. Wood head Publishing Series in Textiles, Pages 61-78.
  22. Salvador-Carreno, A and Chisvert, A., 2005. Perfumes, Encyclopedia of Analytical Science, Reference Work, Pages 36-42.
  23. Savithri, SR. 1988. Speech and Hearing Science in Ancient India. A Review of Sanskrit Literature. Journal of Communication Disorders,. 21(4). Pages 271-317.
  24. Schlesinger, WH. And Bernhardt, ES. 2013. Biogeochemistry: An Analysis of Global Change (Third Edition). Waltham, MA: Academic Press, an imprint of Elsevier, ©2013.
  25. Shah, DI. and Shroff, AV. 2001. Soil Mechanics and Geotechnical Engineering.
  26. Sharma, AK., Wahad, S. and Zr+vstava, S., 2010. Agriculture Diversification: Problems and Perspectives. I. K. International Pvt Ltd. p. 140.
  27. Sheng, L., Shields, EJ., Gospocic, J., Glastad, KM., Ratchasanmuang, P., Berger, SL., Raj, A., Little, S. and Bonasio, R. 2020. Social reprogramming in ants induces longevity-associated glia remodeling. Sci Adv. 6(34): doi: 10.1126/sciadv.aba9869.
  28. Toda, Y., Ikeda, S., Kumagai, K. and Asano, T. 2005. Effects of Flood Flow on Flood Plain Soil and Riparian Vegetation in a Gravel River. Journal of Hydraulic Engineering. 131(11).
  29. Voutsinos, C., 2002. Teaching Optics: Light sources and Shadows. Journal of Advances in Physics Vol 2, No.2.
  30. Waldman, G., 2002. Introduction to Light: The Physics of Light, Vision, and Color (Dover Books on Physics) Revised Edition 2002. Prentice-hall Inc.
  31. Whitaker, R. and Captain, A. 2008. Snakes of India, The Field Guide Hardcover (2008). Draco Books; Hard cover First Reprint edition (January 1, 2008).
  32. Xiaofan Zhou, X., Slone, JD., Rokas, A., Berger, SL., Liebig, J., Ray, A., Reinberg, D., Zwiebel, LJ. 2012. Phylogenetic and Transcriptomic Analysis of Chemosensory Receptors in a Pair of Divergent Ant Species Reveals Sex-Specific Signatures of Odor Coding. PLoS Genet 8(8).
  33. Yoo, C., Park, SW., Kim, B and Ba, H. 2014. Geotechnical Aspects of Underground Construction in Soft Ground. CRC Press.
  34. Zhanna Reznikova, 2021. Ants’ Personality and Its Dependence on Foraging Styles Ecol. Evol. https://doi.org/10.3389/fevo.2021.661066
advertistmentadvertistment
advertistmentadvertistment