ඉමදූව සභාපතිගේ සිරුරේ කොටස්  වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කෙරේ

292

විරෝධතාකරුවන් පිරිසක් විසින් නිවසට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව හදිසියේ රෝගී වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මහතාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකොට දේහය නිදහස් කිරීමට පියවර ගත් බැව් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා පැවසීය.

ඉමදූව සභාපතිගේ සිරුරේ කොටස්  වැඩිදුර  පරීක්‍ෂණ සඳහා යොමු කෙරේ

මියගිය සභාපතිවරයාගේ මොළයේ, හෘදවස්තුවේ සහ සිරුරේ කොටස් පටකවේද හා විද්‍යාවේද පරීක්ෂණයක් සඳහා ලබාගත් බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මියගිය පුද්ගලයාගේ හිසට පහර දීම නිසා හිසේ ඇතිවූ තුවාලයක් ද තිබෙන බව සඳහන් කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මොහුගේ අසනීප තත්ත්වයන් පිළිබඳ සලකා බලා පරීක්ෂණවලින් පසු මරණයට හේතුව සම්බන්ධ තීන්දුවක් ලබාදෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (10 දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි. සභාපතිවරයාගේ නිවසට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහර දී ඇත. එහිදී ඇතිවූ ගැටුමෙන් පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් සභාපතිවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මිය යනවිට සභාපතිවරයා 69 හැවිරිදි වියේ පසුවිය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment