ඉම්රාන්ගේ අගමැතිධුරය නැතිවීමට බලපෑ හේතුව හෙළිවේ

415


පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉවත්කිරීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔහුගේ පැවති ඇමෙරිකානු විරෝධය බව හෙළිවී ඇත.එසේම ඔහු විසින් හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් බජ්වාට සේවා දිගුවක් ලබාදීම ද බලපෑමක් වී ඇතැයි පවසයි.එය වරදක් බව ඉම්රාන් ඛාන්ද මේ වන විට පිළිගෙන ඇත. මේ වන විට ඉම්රාන් ඛාන් සිය ඇමෙරිකානු විරෝධය ද නතර කර තිබේ.ඉදිරි පකිස්ථාන මැතිවරණයේදී තේරීපත්වන නායකයා සම්බන්ධ තීරණය වන්නේ හමුදාව සහ මධ්‍යම පන්තික ජනතාවගේ තීරණය මත යැයිද පවසයි.මින් ඉදිරියට හමුදා ප්‍රධානීන්ට එවන් සේවා දිගු ලබා නොදිය යුතු යැයිද හමුදා ප්‍රධානීහු පවසති.වත්මන් හමුදි ප්‍රධානී ජෙනරාල් සයිඩ් අසීම් ම්ුනීර් පවසා ඇත්තේ ජාතිය ආරක්ෂා කිරීම,ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදීම සහ ඉන්දියාවට එරෙහිව යාම පිළිබදව අවධානය යොමු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment